56 🌺

456 64 30
                                    


"ඔයා දැනන් හිටියද අර ජෝඩුව ගැන?"

නුතාර බලන් හිටියෙම ගිශාන් ඔය ප්‍රශ්නෙ කොයි වෙලේද අහන්නේ කියලයි...
ගල් කැටයක් අරන් වැවට විසිකරපු නුතාර ගිශාන් දිහා බැලුවේ ලස්සන හිනාවක් එක්කමයි

"සත්සර මට නොකියන දෙයක් නෑ"

"මම ඒත් සැක කරා...මොනවා වුනත් සත්සර කියන්නේ හොද කොල්ලෙක්"
ගිශාන් කිව්වේ අවංකවමයි..

"හොදයි වගේම ඌට අම්බානෙට පිස්සු..."
නුතාර කිව්වේ ගිශාන්ගේ අතේ තිබුන බයිට් පැකට් එකෙන් අහුරක්ම අරගෙන කටට දාගන්න ගමන්...

නුතාර කරස් කරස් ගාලා බයිට් ටික හපලා ගිලිනකන්ම ඉවසීමෙන් බලන් හිටපු ගිශාන් ආයෙත් කතා කරන්න පටන් ගත්තා..

"ඇයි ඒ සත්සරට පිස්සු කියන්නේ?"

"පිස්සු නැත්තන් අර ටික්කා පුතාට වහා වැටෙයිද... දවසක සත්සර ගිහින් තිනෙත්ට 'මම ඔයාට ආදරෙයි' කියලා කිව්වත් තිනෙත්නම් බඩ අල්ලන් හොද හැටි හිනාවෙයි..."

"එතනත් තියෙන්නේ හරි ලස්සන ආදරයක්... තිනෙත් කොහොම වුනත් සත්සරට තිනෙත් කියන්නේ තනිකර ලෝකයක් හරියට මට මේ මගෙ මෝඩ අලේ වගේ..."

පැණි බූන්දිවලින් කට පුරවගත්තු නුතාරගේ පිම්බුන කම්මුලකට හාදුවක් දුන්න ගිශාන් ආයෙත් අනිත් කම්මුලටත් ඒ වගේම හාද්දක් දුන්නේ වෙනස්කම් කරන්න හොද නැති නිසා..

හාදු දෙකක්ම ලැබුන සතුටට නුතාර ඇස් පුංචිකරන් හිනා වෙද්දි ගිශාන්ට පුදුම විදියට ලෝබ හිතුනා එයාගේ සුදු චූටියා ගැන...

"ඔහොම හිනාවෙන්න එපා වස්තුව..මට හපලා හපලා ගිලින්න හිතෙනවා"

"ගිලින්න එපා දිරවන්නෙ නැති වෙයි"

"ඒකනම් ඇත්ත...මට නැති ලෙඩත් හැදෙයි.." ගිශාන් ඒ කම්මුල් රිදෙන්නම ටිකක් මිරිකද්දි  නුතාර ගිශාන්ගේ අතට ගැහුවා හොද පාරක්..

"කෑම අරන් දීලයි වෙන වෙන ප්‍රශ්න අහලයි මාතෘකාවෙන් පිට යන්න හදන්න එපා අයියේ!"

මෙච්චර වෙලා හිනා වේවි හිටපු කොල්ලා එකපාරට රවාගද්දි ගිශාන් ඇසුත් ලොකු කරන් බලන් හිටියේ මේ ක්ෂණික වෙස් පෙරලිල්ල ගැන..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now