08 🌺

616 139 68
                                    


ගිශාන් උදේ ඉදන් හිටියේ එයාටම දොස් පවරගන්න ගමන්.. හොයන්නේ බලන්නේ නැතුව නුතාරට අර විදියට ළමයි ඉස්සරහා බැනපු එකට ගිශාන් තමන්ටම දැන් කීපාරක් නම් බැනගත්තද....

ගිශාන් it උගන්නන්න පස්වෙනි කාලච්ජේදෙදි පන්තියට ආවා වුනත් නුතාරගෙන් නෙවෙයි ගිශාන්ට එක බැල්මක්වත් ලැබුනේ..ඉන්ටවල් එකට බෙල් කරනකන්ම නුතාර හිටියේ ඩෙස් එක උඩ ඔලුව තියාගෙන..

ඉතින් ගිශාන් නුතාරට කතා කරද්දි නුතාර වෙනුවට තිනෙත් තමයි 'නුතාරට ටිකක් සනීප නෑ සර්..ඔලුවෙ කැක්කුම'  කියලා හේතු පැහැදිලි කරේ

එවෙලේ ගිශාන්ට නුතාරගේ ඩෙස් එක ලගට ඇවිත් නුතාරට කොහොමද බලන්න ඕනවුනත් නුතාරගේ ඔලුව අතගාලා එයා හොදින්ද අහන්න ඕනවුනත්
ගිශාන් තමන්ගේ කලබලකාරි හැගීම් යටපත් කරගෙන අනිත් ලමයිට උගන්නන්න පටන් ගත්තා

කාලච්ජේදේ ඉවර වෙලා ගිශාන් පංතියෙන් එළියට යද්දිත් ආයේ පාරක් නුතාර දිහා හැරිලා බැලුනේ ඉබේටමයි..


"මෙහෙම ඉදලා බෑ...අකිදු ඉන්නේ මා එක්ක තරහින් කොල්ලගෙන් සමාව ගන්නවත් මේකා මාත් එක්ක කතා කරන්නෑනේ..මේ ලමයනම් හරිම අකීකරුයි"

කවුරු හරි මෙවෙලේ It කාමරේට ආවොත් ඒ කෙනාට අනිවාරෙන්ම හිතෙයි අලුත් සර්ට අසනීපයක් කියලා.. ඇයි ඉතින් මෙසේ උඩ ඔලුව තියන් තනියෙම කියවන ගිශාන්ව දැක්කම වෙන මොනවා හිතෙන්නද

"ආශ්...මම ආසම නැති දෙයක් තමයි මාව ගනන් නොගෙන ඉන්න එක..හරි අකිදු අපි බලමු ඔයාද මමද කියලා"

කෑ ගහගෙන පුටුවෙන් නැගිට්ට පාරට රෝද තියෙන පුටුව ගිහින් නැවතුනේ බිත්තියේ වැදිලා..ආපිට පුටුව අරන් ඇවිත් මේසේ ලගින්ම තියපු ගිශාන් කාමරෙ දොර ලගට ඇවිත් එළියට ඔලුව දැම්මේ එයාගේ පණිවිඩේ ගෙනියන්න ළමයෙක් හොයාගන්න අරමුණින්

මේ ගෙවෙන්නේ හත්වෙනි කාලච්ජෙදේ ගිශාන්ට මේ කාලච්ජෙදේ හිස්..ඉතින් ගිශාන්ගේ බලාපොරොත්තු සඵල කරමින් එවෙලෙම එතනින් යන්න ගියේ සත්සර

"සත්සර"

"සර්.."

"කොහෙද මේ යන්නේ..දැන් පීරියඩ් එක හිස්ද?"

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now