16 🌺

562 120 55
                                    



"දාලා යන්න එපා..අයියව දාලා යන්න එපා චූටි"

දැන් විනාඩි කීයක්ද..නුතාරට හිතාගන්න බෑ කොච්චර වෙලාවක් ගතවුනාද කියන්න ඒත් තවමත් තමන්ව තදින් බදාගෙන ඉන්න ගිශාන් ආයේ ආයෙත් එකම දේ මුමුණනවා..

ගිශාන් වෙනුවෙන් නුතාරට කරන්න පුලුවන් වුනේ එකම දෙයක් විතරයි ඒ ගිශාන්ව සන්සුන් වෙන විදියට කතා කරන එක විතරයි

"යන්නෑ...කවුරුත්ම ඔයාව දාලා යන්නෑ"

නුතාර පුලුවන් තරන් මෘදුවිදියට කතා කරා..නුතාරට දැනුනා ගිශාන්ගේ හද ගැස්ම ටිකෙන් ටික සාමාන්‍ය වෙනවා..

"පුතාගේ අයියට ප්‍රශ්නයක්ද?"

ඇහුන ඒ ආගන්තුක කට හඩ නිසාම නුතාරගේ වටේ තදින් එතිලා තිබ්බ ගිශාන්ගේ අත් ලිහිල් වුනා...
පියවි සිහියට ආපු ගිශාන් කලබලෙන් නුතාරගේ ලගින් ඈත් වුනා වෙද්දි නුතාරගේ කදුලු පිරිලා තියෙන ඇස් ගිශාන්ගේ නෙත ගැටුනේ එවලෙයි

"අ.."

"දැන් එයා හොදින් මාමේ.."

ගිශාන් නුතාරට කතා කරන්න හැදුවා වුනත් ගිශාන් දිහා නොබලපු නුතාර එයාලා ලගට ඇවිත් හිටිය බැංකුවේ සිකුරිටි ඔෆිසර්ට සුහද හිනාවක් දීලා කතා කරා..

නුතාරගේ උත්තරෙත් එක්ක ඒ සිකුරිටි ඔෆිසර් ගිශාන්ටත් හිනාවක් දීලා ආපිට යන්න ගියා..

"ඔ..ඔයා හොදින් නේද?"

"ම්ම්..මට සමාවෙන්න අකිදු මම හිත.."

"එපා..සමාව ගන්න ඕන මමයි..මමනේ මෙතන වැරැද්ද කරේ..මට සමාවෙන්න සර්"

"ඒත් මම ඔයාට අත ඉස්සුවා..මට ඇත්තටම සමාවෙන්න අකිදු..මම එවෙලේ බය වුනා"

"ඒකට කමත් නෑ වෙන කෙනෙක් නෙවෙයිනේ ඔයානේ මට ගැහුවේ ඔ..යා ඉතින් මගේ සර්නේ ඒකයි "

ගිශාන්ගේ ඇගිලි තුඩු හරි පරිස්සමට නුතාරගේ රතුවුන කම්මුල පුරාවට යද්දි හිතට දැනුන කියාගන්න නොතේරෙන හැගීමයි ඒ ස්පර්ෂය නිසා හදිස්සියේම බඩේ ඇතිවුන අමුතු විපර්යාසෙයි නිසා කලබල වුන නුතාර ගිශාන්ගේ ඇගිලි තුඩුවල  ස්පර්ෂය නොදැනෙන්න මූණ ටිකක් එහාට කරගත්තා..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now