13 🌺

589 127 33
                                    

කාර්යබහුල තවත් සතියක් ගෙවිලා ගියා..

උදේ පන්සිල් අරන් ඉවර වුන ළමයි කෙලින්ම ගියේ ග්‍රවුන්ඩ් එකට..
නිවාසාන්තර ක්‍රීඩා පටන්ගද්දිම විදුහල්පති තුමා කිව්ව මුල් කාලච්ජේද තුනේ ඉගැන්නිල්ලනම් තිබ්බේ උපරිම දවස් තුනයි..සමහර දවස්වලට ළමයිට හවස නතරවෙන්නත් වුනා ක්‍රීඩා පුහුණුවීම් වලට..
ඉතින් ගිශාන්ටත් මේ ගතවුන සතිය හරි වෙහෙසකාරි සතියක් වුනත් ගිශාන් හරි සතුටින් ඒ කාලය ගත කරා..

අද ගිශාන් ආසම දවස කිව්වොත් හරි මොකද අද තමයි ක්‍රිකට් තරගේ තියෙන්නේ..ගිශාන් ඊලග අරමුණට යන්න දක්ෂයෝ ටිකක් තෝරගන්න දවස අදයි..ඉතින් ළමයින් වගේම පාසලේ ක්‍රීඩා ගුරුතුමා වුන ගිශානුත් හිටියේ හරි උද්‍යෝගෙන්..

"අද උබ තෝරගන්නවද ටීම් එකට කොල්ලොන්ව?"

ගෙට්ටුව පැත්තට යනගමන් හිටපු ගිශාන් ලගට දුවන් ඇවිත් ගිශාන්ගේ කරවටා අතක් දාගත්තු පැතුම් ඇහුවේ ගිශාන්ගේ අතේ තියෙන ෆයිල් එකට බැල්ම දානගමන්..

"ඔව්..18 පහලයි 14 පහලයි ටීම් දෙකක් හදන්න තමයි මගේ ප්ලෑන් එක..ගෑනු ළමයිගේ නෙට්බෝල් ටීම් එකනම් පලාත් තරගවලට යන්න තරමට හදගා ගන්න පුලුවන් කෙල්ලො ටිකට ටැලන්ට් එක තියෙනවා"

"එතකොට වොලිබෝල් බැරිවෙයිද?"

"මම හිතුවේ වොලිබෝල්වලට වැඩි බරක් නොදි ක්‍රිකට් ටීම් එක හදන වැඩේ ගැන හිතන්න.."

"ඕන දෙයක්...අපේ කොල්ලෝ කෙල්ලොන්ටමනේ හොදක් වෙන්නේ මම උබ එක්ක ඕනම දේකට ඉන්නවා"

"මට ඒකම ලොකු හයියක් පැතුවෝ..උබ නැත්තන් මට මම මේ ඉස්කෝලේ ඇතුලේ තනිවෙලා වගේ හැගීමක් දැනෙන්න තිබ්බා"

"මම ඉන්නකන් උබව තනි කරන්නෑ..මැරුනත් පස්සෙන් එනවා සුදාම්මියා"

"එව්ව්...එහාට වෙයන් ගෙවලයා කෙල නොගා"

ගිශාන් හිටපු සීරියස් මූඩ් එක කාබාසනිය කරන ගමන් පැතුම් නාට්‍යානුසාරිකව ඇදලා පැදලා වචන පාවිච්චි කරද්දි ගිශාන් ඉක්මනට පැතුම්ව ලගින් තල්ලු කරලා දැම්මේ පැතුම් හාදුවක් දුන්න කම්මුලත් පිහිදගන්න ගමන්..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now