33 🌺

634 104 38
                                    

"ඇයි ඔච්චර හදිස්සි?"
නුතාර ගිශාන් දිහා බලන් අහද්දි නුතාරගෙන් ඇස් අහකට ගත්තු ගිශාන් ඉස්සරහා බලාගෙනම මනමාල හිනාවක් එක්ක කිව්ව කතාවට නුතාරගේ ඇස් ගැස්සිලා ගියා..

"ග්‍රැන්ඩ්පා මට ප්‍රොපෝසල් එකක් කතා කරලනේ ඒකයි.."
ගිශාන්ගේ වචන එක්ක නුතාරගේ හදවත වේදනා දෙන්න ගත්තේ එයාටත් කියාගන්න නොතේරෙන මහා අමුතු මූසල හැගීමක් මුළු හිතම වෙලාගද්දි..
ගිශාන් දැන් මේ නුතාරගේ කටකැඩෙන කතාවක් අහන්න බලාපොරොත්තුවුනත් නුතාරගේ තියෙන නිහඩබව ගිශාන්ට දරාගන්න බැරි වුනා..
කොහේදෝ ඈතක නැවතිලා තිබ්බ ඒ හැගීමක් නැති නුතාරගේ ඇස් දැක්කම ගිශාන් කලබලන වුනා..එයා තමන්ටම දොස් පවරගත්තා අනවශ්‍ය විහිළුවක් කරපු එකට..

"අකිදු..මම බොරුවක් කිව්වේ"

"හ්ම්ම්..."
නුතාර ගිශාන්ට බැල්මක්වත් නොදී හූ මිටි තියද්දි ගිශාන් කරේ අහක බලන් ඉන්න නුතාරගේ නිකටින් අල්ලගෙන ඒ මූණ තමන්ගෙ පැත්තට හරව ගත්ත එක..

"මොකද ම්ම්..මම දැම්ම බදින්නෑ..අනික ඉතින් බදින්නත් ආදරේ කරන කෙනෙක් ඉන්නත් එපැයි හා නැද්ද ?"

"හ්ම්ම්ම්.."

"මොකද බොල බස්සෙක් වගේ හ්ම්ම් ගාන්නේ..අනිනවා මම දැන් හිල් වෙන්න ටොක්කක්"
ගිශාන් බොරු තරහක් මවාගෙන ඇසුත් හීනි කරන් නුතාරට සැර කරද්දි නුතාරගේ දෙතොල් අතර ලා හිනාවක් ඇදුනා..

"කෝච් කසාද බදිනවනම් ඉක්මන් නොවී හොදට හිතලා බලලා ඒ තීරනේ ගන්න..කොච්චර අවුරුදු ගාණක් ආදරේ කරත් වැඩක් නෑ එකට ජීවත් වෙන්න බැරිනම්..හදිස්සි වෙලා තීරණ ගත්තොත් වෙන්නේ මගේ තාත්තට වගේ විදවන්නයි..මම කැමති නෑ ඔයාට එහෙම වෙනවා දකින්න"

නුතාරගේ වචන..ඒවයි අස්සේ තනිකර තියෙන්නේ වේදනාව..ඒ හිත අස්සේ තව කොච්චරනම් ලොකු වේදනාවක් හැන්ගිලා ඇත්ද..ගිශාන්ට හිතාගන්න බෑ.. ගිශාන් කරේ මොකුත් නොකියා නුතාරගේ ඔලුව අතගාපු එක.. හැමදාම වගේ ඒ පහසට නුතාරගේ ඇස් පියවෙද්දි නුතාරගේ ඇස් අගින් වැටුනු පුංචි කදුලු බිංදුවක් ඒ කම්මුල දිගේ රුටලා ගිහින් අතුරුදහන් වෙලා යන හැටි ගිශාන්ගේ ඇස්වලව හන්ගන්න බැරුව ගියා..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now