27 🌺

510 108 35
                                    


"මොකද මෙතන වෙන්නේ?"

"ගිශාන් සර්.."

"තිනෙත් මොකද මෙතන වෙන්නේ..ඇයි මේ කෑ ගහන්නේ ම්ම් මට අරහෙට සද්දේ ඇහුනා"

තිනෙත්ගේ අත් වලට අහුවෙලා දරුණු හීරුම් පාරවල්වලට ලක් වෙන්න කලින් අමිල් බේරුනේ තිනෙත්ගේ කටේ සද්දෙට පින් සිද්ද වෙන්න මේ කට්ටිය ලගට ගිශාන් ආපු නිසයි..
මෙච්චර වෙලා  අමිල්ගේ ඇගෙන් කෑල්ලක් කඩලා ගන්න වගේ දිග නියපොතු තියෙන අත්දෙක දික් කරගෙන කොටියෙක් වගේ කඩා පැනපු තිනෙත් ගිශාන්ව දැකපු ගමන්ම පූස් පැටියෙක් වගේ අහිංසක විදියට බිම බලාගත්තා.. තිනෙත් සන්සුන් වුනා කියලා දැනුන නිසා මෙච්චර වෙලා තිනෙත්ව අල්ලන් හිටපු සත්සරත් තිනෙත්ව ඇතැරලා ඒ ලගින්ම හිටියේ කෝකටත් කියලා ආයෙත් එහෙම මේකා කොටියා වුනොත් පැනලා අල්ලගන්න බලාගෙන

බිම බලන් ඉන්න තිනෙත් දිහායි අහක බලන් ඉන්න අමිල් දිහායි තව පැත්තකට වෙලා ඉදන් නුතාර දිහා බලන් ඉන්න මේ ගින්න අවුලපු නෙහාරා දිහායි මාරුවෙන් මාරුවට බලමු ගිශාන් අන්තිමට නුතාර ලග ඇස් නතර කරගත්තා..

"තව විනාඩි පහලවකින් මැච් එක පටන් ගන්න තියෙද්දි මෙතන ඉදන් මල කෝලම් බලන්නැතුව
කන්න යනවලා!"

සන්සුන්ව වුනත් ගිශාන් ගැබුරු කටහඩකින් එහෙම කියද්දි බිම බලන් හිටපු තිනෙත් ගැස්සිලා ගියා වගේම අහක බලන් හිටපු අමිල්ටයි නුතාර දිහා බලන් හිටපු නෙහාරාටයි ගිශාන් දිහා බැලුනා...ගිශාන් 'මල කෝලම්' කියන වචන නෙහාරා  දිහා බලන් කියපු නිසාදෝ කෙල්ල තවත් එතන නොයිද යන්න ගියා..

"ඔය ලමයත් දැන් යාලුවොත් එක්ක ගියොත් හොදයි"
නුතාර දිහා රවන් බලන් හිටපු අමිල්ගේ රැවිල්ල වාෂ්ප වෙලා ගියේ  ගිශාන්ගේ ඒ ගැබුරු හඩයි ඒ තියුනු ඇස්වල හැන්ගිලා තියෙන මිනිමරු බැල්මයි නිසා..

අමිල් යාලුවෝ ටිකත් එක්කම යන්න යද්දි ගිශාන් බැලුවේ දැන් සිරිමත්ලා තුන්දෙනා වගේ තමන් දිහා බලන් ඉන්න තුන්කට්ටුව දිහා..

"අකිදුට මම කිව්ව දේවල් මතක ඇති කියලා මම හිතනවා..හ්ම්ම්..යන්න දැන් ගිහින් කන්න කට්ටිය"








 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now