15 🌺

584 120 46
                                    



ට්‍රිං....ට්‍රිං...

උදේ හතරට තිව්ව එලාම් එක නාද වෙද්දි ගිශාන් ඇගමැලි කඩ කඩම නැගිට්ටා...

අල්ලපු ඇදේ ඉන්න පැතුම්නම් හොදට ඔලුවේ ඉදන් පෙරවගෙන නිදි..හොද හුස්මක් ගත්තු ගිශාන් එලාම් එකත් ඕෆ් කරලා බාත්රුම් එකට ගියා..
මූණ සොදගෙන ආපු ගිශාන් ඊලගට කරන්න අමාරුම දේ වුන පැතුම්ව ඇහැරවන බාරදූර කටයුත්ත ආරම්භ කරා

"නැගිටපන්...පැතුවෝ...අඩෝ නැගිටපන්"

"ම්හුක්...ඉන්න දියාම්"

"හොද හිතින් නැගිටපන්..නැත්තන් මම උබගේ පුකට පාරක් දෙනවා තරු පේන්නම"

"අනේහ් හු#තෝ පලකෝ"

"නැගිටපන් තෝ හු#තා අන්න උබේ සුදු නෝනා රෙදි බෑග් එකකුත් උස්සන් මෙහේ ඇවිත්"

"ආහ්!!!! සුදූ..මගේ සුදූ..කෝ..කෝ සුදු නෝනා"

සුදු නෝනෙක් ගැන කිව්වා විතරයි නිදිමත විකාරේ කියවපු පැතුම් ඇදෙන් පැනලත් ඉවරයි රෙදි බැගුත් අරන් ආපු සුදු නෝනව බලන්න යන්න

"සුදු නෝනා ඇති කැම්පස් එකේ"

"උබනම් මහා තිරිසන් බන්.."

"හා..හා.. යසයි බේසිකයට..මම කිව්වම නැගිටින්න බෑනේ"

"පාප මිත්‍රයා"

ගිශාන් උදේ පාන්දර ලේ පිරිසුදු වෙන්න හොද හැටි පැතුම් නිසා හිනාවුනා..
අන්තිමට පැතුම් මූණ සොදන් ආවම දෙන්නා එක්කම වැඩි සද්ද බද්ද නොකට කුස්සියට ගියේ උදේට උයන වැඩේ පටන් ගන්න..

ඩොක්ට කිව්ව විදියට අද අම්මව ඩිස්චාජ් කරනවා කිව්වත් පැතුම්ගේ තාත්තනම් ඉයේ කිව්වේ අද හවස් වෙයි කියලා කියලා අම්මව ගෙදර එක්කන් එද්දි
ඉතින් අද අම්මව බලාගන්න ඕන නිසාම පැතුම්ගේ තාත්තා නිවාඩුවකුත් දාලා.. තාත්තා අම්මව බලන්න උදේ හොස්පිටල් යන්නම් කිව්ව නිසා යාලුවෝ දෙන්නත් එක්ක රෑ කතාවුනේ උදේට උයමු කියලා..
මොකද ආච්චිට උදේ පාන්දර නැගිටලා ඕව කරන්න බෑ ආච්චි බොන බෙහෙත් නිසා ආච්චි ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා..

හොස්ටල්වල බෝඩිම් වල ජීවත් වුන නිසාම පැතුම්ටත් වඩා ගිශාන්ට හොදට ඔය ඉවුම් පිහුම් වැඩ පුලුවන්..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now