14 🌺

609 125 45
                                    

වෙනදා වගේම පාසලට ආවට මොකද ගිශාන්ගේ වෙනදා තියෙන ජවය උනන්දුව අද නෑ...ගිශාන්ටම හිතාගන්න බෑ ඇයි කියලා ඒත් මහා මොකද්දෝ හිස්බවක් පාලුවක් ගිශාන්ට දැනෙන්න ගත්තා දවස පුරාවටම..

ගිශාන් විටින් විට වෙලාව බල බල හිටියේ එකහමාර වෙන්නේ කීයටදෝ කියලා..දොලහට විතර ගෙදරින් ආපු කෝල් එකක් නිසා පැතුම් හදිස්සියේම යන්න යද්දි ගිශාන්ට කියන්න ඕන වුනත් අනේ තමන්වත් එක්කගෙන යන්න කියලා තමන්ට පැවරිලා තියෙන වගකීම වගේම තමන්ගේ රාජකාරිය මොකද්ද කියලා මතක් වුන ගිශාන් මොකුත් නොකියා හිටියා..

පැතුම් ගියාට පස්සේ තවත් ග්‍රවුන්ඩ් එකේ ඉදලත් වැඩක් නැති නිසා ගිශාන් පාසල ඇතුලට ඇවිත් it කාමරේට ආවේ නිවාසාන්තර ක්‍රීඩාවලින් පස්සේ කොට්ඨාස තරගවලට පාසලෙන් නියෝජනය කරන ළමයින්ගේ ලැයිස්තුව හදාගන්න...
මුලින්ම 14 , 15 , 18 න් පහල තනි තරග ඉසව් වලට වෙන් කරපු ළමයින්ට පණිවිඩ යවලා තමන්ව මුණගැහෙන්න එන්න කියලා ඒ ඒ ළමයිගේ කැමැත්ත අකමැත්ත ගිශාන් ඇහුවා...තෝරගත්තු ළමයින්ගෙන් බාගෙට බාගයක්ම තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කරේ හරි සතුටෙන් වෙද්දි පෙලක් ළමයි අම්මගෙන් තාත්තගෙන් අහලා ඇවිත් උත්තරයක් දෙන්නම් කිව්වා...

"එතකොට සත්සර ඔයාලයි පංතියේ ළමයින්ගෙන් කාටද හොදට දුවන්න පුලුවන්?"

දුර පැනිමේ තරග වලට සත්සරගේ නමත් ගිශාන් තෝරගෙන තියෙන නිසා සත්සරත් තනිකන් දොසේ තියෙනවා වගේ තිනෙත්වත් ඇදගෙනමයි it කාමරේට ආවේ... සත්සරි තිනෙතුයි එක්ක විස්තර කතා කර කර හිටපු ගිශාන් සත්සරගෙන් එහෙම ඇහුවේ තවමත් 18 න් පහල ළමයිගේ දුවන තරග පවත්වලා නැති නිසා ඒ ගැන ගිශාන්ට හරි හැටි අදහසක් නැති නිසයි

"දුවන්න පුලුවන් අපේ නුතාර අයියටයි මේ ටික්..මම කිව්වේ තිනෙත්ටයි"

පුරුද්දට සත්සරගේ කටින් තිනෙත්ට කිය අනුවර්ත නාමය කියවෙන්න යද්දි තිනෙත්ගේ රැවිල්ල නිසාම කොල්ලා ඉක්මනට වැරැද්ද හදාගත්තා.. සත්සර තිනෙත්ට දුවන්න පුලුවන් කියද්දි ගිශාන් හරි පුදුමෙන් තිනෙත් දිහා බැලුවේ...
ගිශාන් පුදුම වෙන එක සාදාරණයි..මොකද ක්‍රීඩා පටන් ගත්ත දවසේ ඉදන්ම අයිස් ගහපු කොල්ලා තමා තිනෙත් කියන්නේ..තිනෙත්ගේ කටට ළමයි බය නිසාම විජේ නිවාසේ බාණ්ඩාගාරික තනතුර තිනෙත්ට ලැබිලා තිබ්බා වුනත් තිනෙත් නෙවෙයි කිසි තරගෙකට ඉදිරිපත් වුනේ..තනි තරගවලට විතරක් නෙවෙයි කණ්ඩායම් තරග වෙච්ච ක්‍රිකට් එල්ලේ වොලිබෝල් ඔය එකකටවත් තිනෙත් හිටියේ නෑ හැබැයි උගුර බැරැන්ඩි වෙනකන්ම කෑ ගගහා කණ්ඩායමට පුදුමාකාර විදියට සහායෝගය දැක්වුවා.. හැබැයි ඉතින් සත්සරටනම් ඒ කෑ ගැහිල්ල නිසා ඔලුව කැක්කුම හැදුන එක විතරයි වුනේ..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now