52 🌺

465 92 39
                                    


නුතාර දැන් ගොඩ වෙලාවක් තිස්සේ අතේ තියෙන රතු අරලිය මල කරකව කව බර කල්පනාවක ඉන්න විදිය ගිශාන් නිහඩවම බලන් හිටියා...

ඒත් අන්තිමේදි ගිශාන් තීරණය කරා නිහඩතාව බිදින්න..

"අකී...ඔයා බයවෙලාද ඉන්නේ?"

ගිශාන්ගේ හඩින් කල්පනා ලෝකෙන් මිදුන නුතාර ගිශාන් දිහා බලලා ලාවට හිනා වුනා..

"නෑ ඒත් මගේ හිත කලබලයි..."

"කලබල වෙන්න එපා..මට විශ්වාසයි ඔයා අපි බලාපොරොත්තු වෙනවටත් වඩා හොද රිසාල්ට් එකක් අරන් කියලා.."

ගිශාන් කිව්වේ දැඩි විශ්වාසයකින්.. ඒත් නුතාරගේ හිත කලබලම ගිශාන්ගේ ඒ විශ්වාසය බිදිලා යයි කියලයි...
දවසින් දවස ගෙවිලා ගිහින් අලුත් අවුරුද්දත් ලබලා අලුත් පාසල් වාරෙත් ආරම්භ වෙලා තියෙද්දි..කටකතා වලට අනුව අද තමයි ප්‍රතිඵල නිකුත් කරන දවස...

නුතාර ඒ නිසයි මේ ටිකක් කලබලෙන් ඉන්නේ...
නුතාර දැන් නැණසලේ ජොබ් එකට යන ගමන් සති අන්තේ දවස් දෙකේ ගිශාන්ගේ බල කිරිම නිසා ටියුෂන් පන්ති දෙකකටත් යනවා...ඒ අතර කාලයෙදි නුතාරගේ ක්‍රිකට් ප්‍රැක්ටිස් දිගටම කරගෙන යන්නත් ගිශාන් අමතක කරේ නෑ... නුතාර විතුරක් නෙවෙයි O/L වලින් පස්සේ A/L කරද්දිත් ක්‍රිකට් ගහන්න හිතන් ඉන්න සත්සර වගේ මිනුරත් නුතාර එක්ක ප්‍රැක්ටිස් වලට ඉන්නවා..

"අකී.."

"හ්ම්?"

"කෝ බලන්න මගෙ දිහා.."

ගිශාන් කතා කරද්දි නුතාර අතේ තිබ්බ මල කරකවන එක නතර කරලා ගිශාන් දිහා බැලුවෙ හරි උනන්දුවෙන්

"අපි මාළු අල්ලමුද?"
ගිශාන් ලස්සන හිනාවක් එක්කහ එහෙම ඇහුවා වුනත් නුතාරගේ හූණ තවත් නරක් වුනා..

"ඔයා හදන්නේ රැවුල ගිනි අරන් ඉන්න වෙලේ සුරුට්ටු පත්තු කරන්නද අයියේ!"

ගිශාන්ගේ සුදු චූටියට යකා වැහිගෙන එනවා කියලා ගිශාන්ට දැන් අත්දැකිමෙන්ම තේරෙනවා..
ඒත් ඉතින් ගිශාන් බලන්නේ ඒ යකාව එලවන්න නෙවෙයි තව ටිකක් අවුස්සන්නයි

"මම සුරුට්ටු බොන්නැනේ අකී...අනික ගිනි තියන්නත් රැවුලක් තියෙන්න එපැයි බන්"

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now