09 🌺

655 140 49
                                    

"ඔව්...එයා මගේ...මගෙ සර්..ඉතින් මම කැමති නෑ තමුසේ බැල්ම දානවට"

"අනේ වැඩේමයි මට තමුසෙගේ සර්ට බැල්මදාන්න..මට ඉන්නවා ඊට වඩා හැන්ඩ්සම් කොල්ලෙක්"

"හීනෙන්ද?"

"අනේ මේ සුදු චූටි පාඩුවේ ඉන්නවා හරිද"

"අනේ හා...මම ඔයාට බය වුනා සුදු නෝනා"

"පෙරේත පැටියා වගේ ඉන්නේ නැතුව මූණ හොදන් එනවා චූටි මට පොල් ටිකක් ගාලා දෙන්න..බුද්ධ පූජාව පූජ කරන්න යන්න ඕන"

"පොල් ගාන්න බෑ...මම ලිප පත්තු කරලා දෙන්නම්"

"හා හා එනවකෝ ඉතින්"

නුතාරා නුතාරගේ කොණ්ඩෙත් අවුල් කරලා කාමරෙන් එළියට යන්න යද්දි නුතාර ආයෙත් කාමරේ ජනේලේ ඇරියා...ඒත් ඉතින් එයාට බලාගන්න උවමනාව තිබ්බ කෙනාගේ චායාවක්වත් පෙණුනේ නැති නිසා නුතාර ටවල් එකයි ඉයේ ඇදපු ඉස්කෝලේ යුනිෆෝම් එකයිතුත් අරගෙන එළියේ තියෙන බාත්රුම් එකට යන්න ගියා..

ගිශාන් අම්මා හදලා දුන්න තේ එක බොන ගමන් කුස්සියටම වෙලා හිටියේ අම්මා එක්ක කතාවට වැටිලා... ගිශාන් එක්කම තේ බොන්න කියලා ආපු පැතුම් තේ එකත් නොබී ආපිට බාත්රුම් එකට දුවලා ගියේ කොත්තුවේ පිහිටෙන් දරුණුවටම බඩේ කැක්කුම හැදිච්ච

අම්මා හිටියේ ගිශාන්ට දෙන්න බෙහෙතක් හදන ගමන්...ගිශානුත් ඉතින් හරි උනන්දුවෙන් ඒ දිහා බලන් හිටියේ මුලින්ම ගම්මිරිස් ඇට තුන හතරකුයි කරාඹු නැටි දෙකකුයි ගත්තු අම්මා ඒ දෙවර්ගේ ගලේ අබරගත්තා ඊට පස්සේ ගත්තු දෙහි ගෙඩි දෙක කපලා ඒකේ මිරිකගත්තු ඉස්ම වලටම අර අබරගත්තු කරාබුනැටි ගම්මිරිස් කුඩු ටිකයි ලුණු ටිකකුයි දාලා හොදට කවලම් කරා

"අම්මේ..."

විනාඩි ගානකට පස්සේ ආයෙත් කුස්සියට ආපු පැතුම් ගිශාන් වාඩිවෙලා උන්න පුටුව ලගම තිබ්බ කොට බංකුවෙන් වාඩි වෙලා කකුල් දෙකත් දිගෑරගෙන ගිශාන්ගේ කකුලක් උඩින් ඔලුව තියාගත්තා

"අම්මේ තමයි..ආ මේ දෙහි එක බීලා ඉන්නවා ලොකූ..."

"පිං සිද්ද වෙච්චාවී අම්මේ"

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now