57 🌺

350 67 47
                                    

ඒ නුතාරාගේ කටහඩ කියලා ස්ථිර වුන ගමන්ම නුතාර කරේ කෝල් එක කට් කරපු එක... පැතුම්ගේ ෆෝන් එක අතට තද කරගෙන ඇස් පියාගත්තු නුතාර ගැඹුරු හුස්මක් ගත්තේ තමන්වම සන්සුන් කරගන්න..

ඇස් පියාගෙන හිටපු නුතාර ඇස් ඇරලා කෙලින්ම දොර දිහා බැලුවේ පැතුම්ගේ කටහඩ ඇහුන නිසයි...

"මේ තියෙන්නේ මගේ වස්තුව..මම බයවුන තරමක් pයකෝ.." නුතාරගේ අතේ තිබුන තමන්ගේ ෆෝන් එක දැකපු පැතුම්ගේ හිතට දැනුනේ හරියට මෙගා පවර් ලොතරැයියක් ඇදුනා වගේ සතුටක්..

පැතුම් ඇවිත් නුතාරගේ අතින් ෆෝන් එක ගන්න හැදුවත් පැතුම්ට වුනේ කොහෙත්ම නොහිතපු විදියේ දෙයකට මූණ දෙන්න.. නුතාර පැතුම්ව ඇදලා අරන් ඇදට දාලා පැතුම්ගේ ඇගවටේට බෙඩ් සීට් එක එතුවේ හරියට පැණිපොල් මැදට දාපු ලැවරියා එකක් ඔතනවා වගෙයි..

"අඩෝ...මොන මගුලක්ද මේ?...උබට මාව ඊජිප්තු මමියක් වගේ පේනවද සුදුවෝ.."

"ඔව් මම මේ තමුසෙව ඔතලා ඔතලා පෙට්ටියක දාලා වලදාන්න හදන්නේ ලොකුවෝ..ඒ නිසා කටවහන් ඉදපිය!" බැල්කනියට වෙලා පෙම්බස් දොඩපු නිසදුත් මේ අයියා මලෝගේ සද්දේ නිසා කාමරේ ඇතුලට එද්දි තවම කාමරේට අඩිය තියන්න බයේ ගිශාන් දොර ලගට වෙලා නුතාර දිහා බලන් හිටියේ ඇසුත් ලොකු කරන්...

"ශාන් අයියේ ඔය දොර ලොක් කරන් එනවකො මෙහෙට..."
නුතාර තමන්ට අඩගහන විදියෙන්නම් ගිශාන්ට හොද හැටි තේරුනා ඒ කතා කරන්නෙනම් හොදකට නෙවෙයි කියලා..

"ආ මට මේ නිසදු කතා කරානේ මම එහාට ගිහින් එන්නම්" හිමින් සීරුවේ බොරුවක් කියලා ගිශාන් මාරුවෙන්න හැදුවත් බැල්කනියේ දොර ලගට වෙලා හිටපු නිසදු කාමරේ ඇතුට ඔලුව දාලා කෑ ගහන්න ගද්දි ගිශාන්ට තමන් ගැනම දුක හිතුනා..

"අඩෝ මම මෙහේ බන්.." නිසදු තමන්ගේ හා දත් දෙකත් පේන්න ලස්සන හිනාවක් එක්කම ගිශාන් දිහා බලලා අත වනද්දි..තමන් දැන් අඩන්නද හිනාවෙන්නද ඕන කියලා හිතාගන්න බැරුව හිටපු ගිශාන් නිසදුට අතේ මැදගිල්ල පෙන්නලා නුතාර ලගට අඩියෙන් අඩිය ලන් වුනා

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now