37 🌺

546 100 33
                                    


Water world ගිය තුන්දෙනි හවස්වරුව ගෝල්ෆේස් එකේ ගතකරලා ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න තියලයි ගෙවල්වලට ගියේ...

නිසදුව එක්ක යන්න එයාගේ නිවුන් අයියාලා දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් හිටපු නිසා නිසදුට සමුදුන්න ගිශානුයි නුතාරයි ගෙදර ආවේ දැන් කොහොමත් රෑ තියෙන බස් එකේ එයාලා ආයෙත් ගමට යන්න ඕන නිසා..

ගෙදර ඇවිත් රෑ කැමෙන් පස්සේ ගිශාන් සීයා එක්ක කතාවට වැටෙද්දි නුතාර කාමරේට ආවේ ගිශාන් එයාට බෑග් ලෑස්ති කරගන්න කියපු නිසා..
හවස CCC එකට ගියපු වෙලාවේ එයා ගත්තු පොඩි පොඩි දේවල්තුයි නුතාරට නිසදුගෙන් ලැබුන තෑග්ගයි තමයි එයා ගෙනාව දේවල්වලට අමතරව අරන් යන්න තිබුනේ.. ඒ දේවල් ලෑස්තිකරලා ඉවර වුන නුතාර බාත්රුම් එකට ගියේ මූණ ටිකක් සෝදගන්න කියලා.. මූණ සෝදගත්තු නුතාර ආයෙත් එද්දි ගිශානුත් එයාගේ බැග් එක හදනවා..

"ඔයා බෑග් එක ලෑස්ති කරගත්තද අකිදු?"

"ඔව්.."

"හරි එහෙනම් අපි දැන් නිදාගමු"

"නිදාගන්න..ඇයි අපි දැන් යන්නේ නැද්ද?"
නුතාර ඇදෙන් වාඩිවෙලා ගිශාන් දිහා බලාගෙන ඇහුවේ තව පැයකින් විතර එයාලා ටිකට් වෙන් කරගත්තු බස් එක පිටත්වෙනවා කියලා කලින් ගිශාන් කියපු නිසයි

"හෙට උදේට යන්...ග්‍රෑන්ඩ්පා කැමති නෑ අපි දෙන්නා මේ රෑ බස්වල යනවට..මම සුදු ආච්චිටයි පැතුම්ටයි කෝල් කරලා කිව්වා අපි උදෙන් එනවා කියලා"

"උදේ කීයටද බස් එක තියෙන්නේ?"

"උදේට අපි යන්නේ බස් එකේ නෙවෙයි...දැන් හොද ළමයා වගේ නිදාගන්න ම්ම්.."

නුතාරගේ මූණට වැටිච්ච කොණ්ඩ කැරලි ටිකක් කණ පිටිපස්සේ රදවපු ගිශාව් නුතාරගේ කම්මුලක් පිරිමැදලා ඇදෙන් නැගිට්ටේ එයා ලෑස්ති කරපු බෑග් එක මේසේ උඩින් තියන්න.. ගිශාන් කාමරේ ලයිට් ඕෆ් කරද්දි නුතාර ටේබල් ලෑම්ප් එක ඔන් කරලා ඇදේ අනිත් කොණට පෙරලිලා ගිහින් ගිශාන්ට ඇදේ ඉඩ දුන්නා..ඇදට ආපු ගිශාන් නුතාරටත් එක්කම බ්ලැන්කට් එක පෙරවලා නුතාරගේ ලගට ටිටක් කිට්ටු වෙලා නුතාරගේ ඔලුව අතගාන්න ගත්තේ නුතාරට එතකොට හරි ඉක්මනට නින්ද යන නිසා

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now