12 🌺

593 127 61
                                    

"බයිසිකලේට නගිනවද?"

"ඈහ්..."

"කන් ඇහෙන්නේ නැති තරමටම නාකීද නැනේ නේ?.. මන් ඇහුවේ බයිසිකලේට නගිනවද කියලා"

නුතාර අහපු දේ හරියට නොතේරුන නිසා ගිශාන් නුතාරගේ මූණ දිහා බලන් ඉද්දි නක්කල් හිනාවක් එක්ක නුතාර ආයෙත් කිව්ව දේටනම් ගිශාන්ට කටපියන් ඉන්න හිතුන්නෑ හොදවයින් බනින්නමයි හිතුනේ මේ අකීකරු කොල්ලට..ඒත් ඉතින් මෙතන අනිත් ළමයිතුත් ඉන්න නිසා ගිශාන් අමාරුවෙන් නුතාරට බනින්න නලියන කට පාලනේ කරගෙන තමන්ගේ තත්වේ රැකන් ඉන්න උත්සාහ කරා..

"ඇයි මගේ කෙස් පැහිලා වගේද නුතාරට පේන්නේ..මටනම් හිතෙන්නේ නුතාර වෙද සීයගෙන් බෙහෙතක් ඉල්ල ගත්තනම් හරි ඇස්වලට ගුණ"

කොච්චර උත්සාහ කරත් ගිශාන්ට නෙවෙයි සද්ද නැතුව කටපියන් ඉන්න පුලුවන් වුනේ..
අනේ ඉතින් ගුරාටයි ශිෂ්‍යයටයි මෙතන ගුරුශිෂ්‍ය පට්ටම් අමතක වෙලා ගිහින් මහා වචන හරබයකට මුලපුරන්න හදද්දිම දෙන්නට දෙන්නගේ තියුණු ඇස් යුගල් එකට පැටලිලා තිබ්බ පාර හරස් කරගෙන තාප්පයක් බැන්දා වගේ තිනෙත් දෙන්නගේ මැද්දට ඇවිත් හිටගද්දි නුතාර ගස්සලා අහක බලාගත්තා වගේම ගිශාන් තමන් එක්ක හිනාවෙන පුංචි කොල්ලට ආපිට හිනාවක් දුන්නා..

"සර් අපි දැන්වත් යන්ද..මටනම් අපේ මේ නිව්ටව කන්න තරම් බඩගිනියි දැන්"

"අර මොකට තමුසේ මාව කන්නේ?"

කොහෙවත් ඉන්න අහින්සකයව අල්ලන් කන්න ඕන කියලා තිනෙත් කියද්දි කියනවා වගේම මේ පොඩි නසරානියට තමන්ව කන්නත් බැරි නෑ කියලා තේරුන සත්සර කෑ ගැහුවේ නිපුන්ගේ පිටිපස්සට වෙලා..
නිපුන් කියන්නේ පන්තියේ ඉන්න ඇගපත තියෙන කොල්ලා උප්පැන්නේ තියෙන මුල නම නිපුන් වුනාට ඉස්කෝලේ හැමෝටමනම් ඒ චබියා..

"තෝව කන්නේ මට මෙතන කන්න යකෙක් නැති නිසා..ඕහ්..සොරි සර්..ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ආපු ගමන් අපේ වාග්කෝෂේ වචන චේන්ජ් වෙනවනේ..."

තමන්ගේ සර්තුත් මෙතනවා ඉන්නවා නේද කියලා අමතක වුන තිනෙත් සත්සරගෙ පලු අරිද්දි එකපාරටම ගිශාන්ව මතක් වුන නිසා අසංවර වචන කටින් පනින්න කලින් ඉක්මනට කට සංවර කරගත්තා..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now