07 🌺

666 141 48
                                    



"උබ කියන්නේ නුතාර වැඩිමල් කියලද?"

"හ්ම්...හරිනම් දැන් සුදු මල්ලි උගේ අනිත් යාලුවෝ එක්ක ඒලෙවල් කරන්න ඕන..ඒත් ඉතින් සුද මල්ලිට ගිය අවුරුද්දේ ඕලෙවල් ලියාගන්න බැරි වුනා..ඒ දවස් මතක් වෙද්දි තාමත් බය හිතෙනවා..ලෝක අමාරුවෙන් කොල්ලව මේ ඉන්න තත්වෙට ගත්තේ.."

"මොකද්ද වුනේ කියලා මට පැහැදිලිව කියපන්කෝ බන්"

පැතුම් කියන දේ ගිශාන්ට හරි හැටි නොතේරෙද්දි
පැතුම්ගේ ඇදට පැනපු ගිශාන් එරමිනිය ගොතාගෙන වාඩිවුනේ එයා නොදන්න නුතාරගේ කතාව දැනගන්න ලොකු උනන්දුවකින්

ලොකු හුස්මක් ගත්තු පැතුම් කතා කරන්න ගත්තා

"සුදු මල්ලිගේ තාත්තා නැතිවුනේ ගිය අවුරුද්දේ..අපි මාමට ආදරේට කියන්නේ සුදු මාමා කියලා..සුදු මාමට කැන්සර් එකක් තිබිලා ගෙදර අය දැනගනිද්දි පරක්කු වැඩියි..අම්මගේ ආදරෙත් නොලැබුන කොල්ලා තාත්තට පනඇරලා ආදරේ කරා..සුදු මාමත් එහෙමයි සුදුමාමගේ පන තමයි දරුවෝ දෙන්නා.. සුදු මාමා නැති වුන දවසේ කොල්ලා එක කදුලක් හෙලුවේ නෑ..ඔහේ බලාගත්තු අත බලන් හිටියා.. නංගී අඩලා අඩලා දුක තුනී කරගන්න හැදුවත් සුදු මල්ලි නෙවෙයි එයාගේ වේදනාව පිටට පෙන්නුවේ.. එන්න එන්නම සුදු මල්ලිගේ හැසීරිම වෙනස් වුනා.. කොල්ලා කන්නේ බොන්නේ නෑ කා එක්කවත් කතා කරන්නෑ බලාගත්තු අත බලාන ඉන්නවා..කොල්ලා හැසිරුනේ හුස්ම වැටුනත් මැරිච්ච වගේ.. අපි හැමෝම අමාරුවෙන් ආයෙත් සුදු මල්ලිව යතා තත්වෙට ගත්තේ ඒත් අපිට පරණ සුදු චූටිව සීයට සීයක්ම දැකගන්න බැරි වුනා..කොල්ලා අකීකරු වුනා..ඉස්සර තිබ්බ අහිංසක කම නැති වෙලා ගියා.. දන්නවද බන් සුදු මල්ලි තමයි ඉස්කෝලේ හිටපු දක්ෂම ළමයා..ඉගෙනිමෙන්ද ක්‍රිඩාවෙන්ද හැම පැත්තකින්ම කොල්ලා මාර දක්ෂයි ඒත් දැන් කොල්ලා ආසවට පොතක් අල්ලන් නෑ.. සුදු ආච්චියි සීයයි බල කරන නිසා ඉස්කෝලේ යනවා..

කොල්ලගේ තිබ්බ දක්ෂකම් නිකන් අපතේ යන්න දෙන්න බැරි නිසාම ප්‍රින්සිපල් සර් කලාපේ එක්ක කතා කරලා ලොකු ගේමක් ගහලා තමයි කොල්ලට තව අවුරුද්දක් ඉස්කෝලේ ඉගෙන ගන්න අවස්ථාව හදලා දුන්නේ ඒත් එකෙන් වැඩක් නෑ..කොල්ලා කරන්නේ ඉස්කෝලේ ඇවිත් නිදාගන්න එක"

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now