17 🌺

537 120 79
                                    


පාසලේ ළමුන් වගේම ගුරුවරු , දෙමාව්පියොත් මගබලන් හිටපු ඒ දවස උදාවුනා..

අද සදුදා දිනයේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙල බලාපොරොත්තු වුනාටත් වඩා හොදින් පවත්වන්න සියළුම දෑ සූදානම්..

සරසලා තියෙන ග්‍රවුන්ඩ් එකට ආපු ගිශාන්ගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා... ඉයේ පැතුම් එක්ක ගිශානුත් නතර වුනා රෑ එකොළහා දොළහා වෙනකල්ම ඒ විතරක් නෙවෙයි විදුහල්පතිතුමා වගේම ගුරු මණ්ඩලේ තවත් ගුරුවරු කිහිප දෙනෙක්ම රෑ දහය විතර වෙනකල් පාසලේ රැදිලා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න ළමයිට ගොඩක් උදව් කරා.. ඉතින් මේ ළමයි ,ගුරුවරු ,දෙමාව්පියෝ තුන් ගොල්ලොගෙම සහායෝගේ නිසා තමයි අද දවසේ මේ විදියට උත්සවේ ආරම්භ කරන්න පුලුවන් කම ලැබුනෙත්..

උදේ නවය වෙද්දි උත්සවේ වැඩකටයුතු ආරම්භ වුනේ පාසල් තූර්ය වාදක කණ්ඩායම විසින් ආරාධිත අමුත්තන් ඇතුලු පිරිසව ක්‍රීඩා පිටිය වෙතට කැදවාගෙන යාමෙනුයි...

ග්‍රවුන්ඩ් එකේ පහල හදලා තිබ්බ ස්ටේජ් එකේ ආරාධිත අමුත්තෝ ඇතුළු ගුරුමණ්ඩලය පිළිවෙලින් අසුන් ගද්දි පාසලේ සිංහල ගුරුතුමිය නිවේදන කටයුතු භාරගෙන උත්සවයේ ඉතිරි වැඩ කටයුතු මෙහෙයවන්න ගත්තා..

සිරිතට අනුව පාසල් ගීය ජාතික ගීය ගායනයෙන් පසු
නිවාසාන්තර ක්‍රීඩා උලලේ සමාරම්භ සංකේතවත් කරන්න ඇතීනා දෙවගන විසින් ඔලිම්පික් ගිනිසිලුවත් රැගෙන ක්‍රීඩා පිටියට පැමිණියා..

"ඇතීනා දෙවගන විසින් ගෙන එනු ලබන ගිනිසිළුව පාසලෙහි ක්‍රීඩා නායකයා හා ක්‍රීඩා නායිකාව විසින් දල්වා ගැනිමේ අනතුරු නිවාස නායක නායිකාවන් වෙත ගමන් කරන අවස්ථාවයි මේ.."

නිවේදන කටයුතු කරන සිංහල ගුරුතුමියගේ ඒ අහන් ඉන්න ආස හිතෙන කටහඩින් සිදූවීම පැහැදිලි කරද්දි ගිශාන්ගේ බැල්ම නැවතුනේ සුදු ටීෂර්ට් එකයි සුදු ශෝට් එකයි සුදු පාටම සපත්තුයි ඇදලා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවත් එක්ක දුවගෙන ඇවිත් ගිනිසිලුව අතට ගන්න නුතාර ලග...

ගිනිසිළුව අල්ලගත්තු දෙන්නා එක්ක ඊලගට පිළිවෙලින් විජය , ගැමුණු , පැරකුම් නිවාස නායක නායිකාවන් ලගටත් ගිහින් අන්තිමට හැමෝම එක්කම ඇවිත් ග්‍රවුන්ඩ් එක මැද්දේ හදලා තිබුණ ලොකු ගිනිසිළුව දැල්වුවා..

 වස්සාන සිහිනේ 🌺 [ZhanYi]Where stories live. Discover now