ඔය අතරේ තමා ගිත්මිලට ආරංචි වෙන්නේ අංජානි අක්කා ගැන ..... එයා ජනනි එක්ක යාලු වෙලා ඉඳල තියෙන්නේ බොරුවට ..... එයාට තව ගෑණු ළමයි තුන්දෙනෙක් විතර ඉඳලා ..... ඒක හැමෝටම එලි උනේ අංජානි අක්කයි තව ගෑණු ළමයෙකුයි පීටී රූම් එකේ ඉඳල අහුඋන නිසා ....... ඒ නිසා මේ හැමදේම ස්කෝලෙ පුරා පැතිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ....
" මට මේ මගේ ඇඟිලි ගානට කෙල්ලො ඉන්නවා......"
අංජානි අක්ක අහන හැමෝටම කියලා තිබ්බෙ එහෙම ...... එයාට සතියක පන්ති තහනමක් හම්බුනත් ජනනි නම් හිටියේ සෑහෙන්න අවුලෙන්....
" ඇයි බන් එයා මට මෙහෙම කරේ...."
" අඬන්න එපා මැණිකේ...... අපි දැන් හරි ඔවා දැන ගත්ත එක හොඳයි..."
" එයාට තව පිට කොල්ලෙකුත් ඉන්නවා කියලා තමා කියන්නේ ...."
" දෙයියන්ගෙ නාමෙන් සඳලි කට වහගන්නවද..... අපිට දැන් ඒකි ගැන මුකුත් ඕනි නෑ ....."
ගිත්මි, අයේෂා වගේම සඳලිත් ජනනිගේ හිත හදන්න සෑහෙන්න මහන්සි උනා....
ඉතිම් කාලය ගෙවිලා ගියේ මේ අයව තවත් රොෂානිලාට එකතු කරලා .... ඒ අස්සේ ගිත්මිට දේශිකා අක්කට තියෙන ආකර්ශනය තවත් වැඩි උනා මිසක් අඩු උනේ නෑ..... දේශිකා අක්කව දකිද්දි ගිත්මිගේ හිත හයියෙන් ගැහෙන්නේ ඇයි කියලා ගිත්මිට තාමත් හිතාගන්න බෑ.....
" ඔයාලා යනවද ඉතිම් ??"
ගිත්මි,ජනනි, අයේෂා,සඳලි..... රොෂානි අක්කලගේ පන්තිය ගාව මූණ එල්ලන් හිටියේ ඒ ය ඕලෙවල් වලට ස්කෝලෙ එන එක නවත්තන්න යන නිසා.....
" දුක් වෙන්න එපා අපි පාස් උනොත් ඒලෙවල් වලට මේ ස්කෝලෙටම තමා එන්නේ......"
" එහෙමනම් අවුලක් නෑනේ ඔයාලා පාස් වෙයි....... "
" එතකොට දේශිකා අක්කා?"
ගිත්මි ඇහුවා නෙමේ ඇත්තටම ගිත්මිට ඇහුනා......
" මම නම් ෂුවර් නෑ නංගි රිසාල්ට් එක අනුව තමා ......"
ඒකට නම් ගිත්මිගේ හදවතේ ඉරක් ගියා කියලා ගිත්මිට හිතුනේ...... එයාලා සෙට් එක එතනින් ආවේ රොෂානි අක්කලගේ කේක් වලටත් වග කියලා... ඇත්තටම අංජානි අක්කා වගේ නෙමේ රොෂානි අක්කලගේ සෙට් එකම මේ පොඩි අයට සැලකුවේ හරි ආදරෙන්.....
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Lãng mạnසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?