ඔහොම්මම දේශිකාගෙයි.... ගිත්මිගෙයි ආදරේ ගලාගෙන ගියේ හොරෙන්මයි.... දෙන්නගේ යාලුවෝ ඇරෙන්න වෙන කවුරුත් සම්බන්දේ ගැන දැනගෙන හිටියේ නෑ....... මේ වෙනකොට රොශානියි ජනනියිත් සෙට් වෙලා හිටියේ.........
සතියට දෙතුන් පාරක් හරි ෆෝන් එකෙන් කතා කරන එක මේ දෙන්නගේ පුරුද්දක් ..... දැන් ගිත්මි එයාගේ ඩියුටි බලනවටත් වඩා වැඩි වෙලාවක් ගේට්ටුව ගාව ගත කරන්න පුරුදු වෙලා හිටියා.......
" මොකද කරන්නේ??"
" මුකුත් නෑ........."
" මුකුත්ම නැද්ද ම්ම්??"
" නැහ්......."
" මොකද දැන් හුරතල් වෙන්නේ??"
" නිකම් ඉතිම් ..........."
අදත් ගිත්මි අම්මගේ ෆෝන් එක අරන් හවස් වෙලා ඉස්තෝප්පුවට ආවේ කවුරුත් මේ වෙලේ එතෙන්ට එන්නෑ කියලා හොඳටම දන්න නිසා.... මොකද තාත්තා වැඩ ඇරිලා එද්දී 7 විතර වෙනවා.... අම්මත් මේ වෙලේ කුස්සියේ රෑට උයන නිසා ඉස්තෝප්පුව කියන්නේ ගිත්මිට තනියම ඉන්න හොඳම තැනක්.......
" නිකම් වෙන්න බෑ........."
" ඇයි අප්පා.... දැන් හුරතල් වෙන්න එපාද ඉතිම් ....... ඕන්නෑ ඔයත්...... මං යනවා ෂෙහානි අක්කා ගාවට......"
" ගියොත් බලාගමු.... දෙන්නේ තව එකක් කොට වෙන්නම........"
" මං කොට නෑ හරිද.... ඔයා උසයි....."
ඇත්තටම දේශිකා අක්කා ගිත්මිට වඩා උස උනාට ..... ගිත්මි කියන්නේ ගිත්මිගේ පන්තියේ හිටපු උසම ළමයා..... ඉතිම් ඇත්තටම ගිත්මි කොට නෑ දේශිකා අක්කා උස වැඩී.......
" ඒ උනාට මට කොටයි කියන්නේ කොටයි තමා..... මේකිගේ වස.... අහිංසකයි කියලා මං අහු උනේ නපුරිච්චියෙක්ටනේ........"
" නෑ ...... මං අහිංසකයි ........ ඔයානේ මාව හුරතල් නොකර නපුරු කරවන්නේ...."
" ආ දැන් බබාව හුරතල් කරොත් නපුරු වෙන්නේ නැද්ද??"
" ඤැහ්.........."
" කෝ එන්නකෝ එහෙමනම් ......."
" කොහාටද??"
" ඔඩොක්කුවට ........."
" මේ ෆෝන් එකෙන් කොහොමද ඔඩොක්කුවට එන්නේ??"
" අනේ අනේ........ මෙහෙමත් මැටි අලයක්......."
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romansaසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?