19 කොටස

306 21 8
                                    

ඒ ප්‍රශ්නේ වෙලා සතියක් ඇතුලත සඳලි ඒ ස්කෝලෙන් අස් වෙලා ගියා..... ඇත්තටම උන දේවල් එක්ක සඳලිට මේ අයට මූණ දෙන්න බැරි උනා.....

ජනනියි අයේෂයි පුලුවන් තරම් ගිත්මිව යතා තත්වෙට ගේන්න හැදුවත් දේශිකා අක්කා ගැන කිසිම ආරංචියක් නැති වෙද්දි ගිත්මිට පිස්සු හැදුනේ නැති ටික විතරයි ..........

රොශානි වගේම ෂෙහානි අක්කලත් දේශිකා අක්කව කන්ටෑක් කර ගන්න හැදුවට බැරි උනා.......

ගිත්මිට දරාගන්න බෑ ....... මේක අවසානය ද??? දේශිකා අක්කා හොඳින්ද?? එයාට අවසානෙට දේශිකා අක්කගේ මූණවත් බලාගන්න දුන්නෑ නේද?? " ගිත්මි මං තමුසෙට ආදරෙයි" කියන වාක්‍ය ඇරෙන්න වෙන කිසිම දෙයක් තමන්ට ඇහුන්නෑ නේද කියලා මතක් වෙද්දි ගිත්මිගේ පපුව පැලෙන්න වගේ එනවා ..........

ඇත්තටම දේශිකා අක්කා හොඳින්ද??? කිසිම දෙයක් උනාට අත අරින්නෑ කියපු එයා මෙහෙම හොයාගන්නවත් බැරි වෙනකොට??? ගිත්මි සැනසිල්ලේ ඉන්නේ කොහොමද ???

කොහොම හරි ඕලෙවලුත් කරපු ගිත්මිව හැම තැනකින්ම අයින් කරලා දාන්න ඕනි නිසා එයාගේ අම්මලා එයාව ඒ ස්කෝලෙන් අස් කරලා වෙන ස්කෝලෙකට දානවා.......

ගිත්මි එක්ක තනියට සඳුනිත් ඒ ස්කෝලෙට එන එක ගිත්මිට හයියක් උනත්.......කලින් හිටපු දඟකාර ගිත්මි මේ වෙනකොට නැත්තටම නැති වෙලා තිබ්බේ.......

දේශිකා අක්කා ගැන කිසිම තොරතුරක් නොදැන දැන් අවුරුද්දක් විතර ගිත්මි හිතෙන්ම විඳව විදව ගෙවලා තිබ්බා..... අඩුම එයා ජීවත් වෙනවද? නැද්ද? කියලවත් ගිත්මි දන්නෙ නෑ.......

වෙලාවකට ගිත්මිට මේ අල්ලන් ඉන්න හුස්ම අත අරින්න හිතෙනවා....... ඒත් බැරි වෙලාවක් දේශිකා අක්කා ආවොත්??? එයා පොරොන්දු උන විදියටම ආවොත්?? ඒකයි අකමැත්තෙන් හරි ගිත්මි තමන්ගේ හුස්ම ටික අල්ලන් ඉන්නේ......

" ගිත්මි ඔයාගේ යාලුවෙක් ඇවිත් ......."

" මගේ යාලුවෙක් ??? කවුද ???"

" නමක් කිව්වෙ නෑ ..... කලින් ස්කෝලෙ යාලුවෙක් කියලයි කිව්වේ.....ස්කෝලේ ඉවර වෙද්දි කඩේ ගාවට ඇවිත් ඉන්න කිව්වා...."

Those Days ( ඒ දවස් )Where stories live. Discover now