කාලේ ගෙවිලා ගිහින් රොෂානි අක්කලා ඕලෙවල් ඉවර කරලා ආයේ ඒලෙවල් වලට ස්කෝලෙට ආවා.... දැන් ගිත්මිලා ඉන්නේ නවය වසරේ දෙවෙනි වාරේ....
" ඒහ් ගිත්මි..... ඉක්මනට වරෙන් පහළට යන්න ......."
ඉතිහාසය ගෙදර වැඩ කර කර හිටපු ගිත්මි ගැස්සිලා ගියේ.... හතිදාගෙන දුවන් ආපු ජනනිගේ සද්දෙට.....
" ඒ මොකටද??....."
" විස්තර කරනවට වඩා උඹම දැක්කා නම් තමා වටින්නේ......."
ජනනි එහෙම්මම ගිත්මිව ඇදගෙන දුවගෙන ගියේ Main hall එක පැත්තට.. ගිත්මි එතෙන්ට යනකොට සඳලියි.... අයේෂයිත් අමුතු මූණවල් හදන් බලන් ඉන්නවා.....
" මොකද මේ උඹලා ඔක්කොම භය වෙලා වගේ...... මට කියපල්ලකෝ මොකක්ද වෙලා තියෙන්නේ ?? ඇයි අපි මේ Main hall එකට ආවේ??"
ගිත්මි එහෙම කියද්දි ජනනි ගිත්මිගෙ ඔලුවෙන් අල්ලලා Main hall එකේ ජනේලෙකින් ඇතුලට දැම්මේ මොකක්ද වෙන්නේ කියලා බලාගන්න .....
" දෙවියනේ ............."
දැක්ක දෙයින් නම් ගිත්මිගේ ඇගේ ලේ හිදුනා කියලයි ගිත්මි හිතුවේ.....
" එයා මොකක්ද මෙහෙ කරන්නේ??"
" ඒක තමා අපිටත් හිතාගන්න බැරි......"
ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමේ දේශිකා අක්කා.... කොළඹ ස්කෝලෙට යනවා කිව්ව එයා ආයෙත් දොළහවසරට ඉන්ටර්වීව් ඇවිත් තියෙනවා දකිද්දි නම් ගිත්මිට එලෝ පොල් පෙනුනා....
" මං දැන් මොකද කරන්නේ??....."
" අපි කතා කරලා බලමු......."
" අනේ මට බෑ ............"
" මං කරන්නම්........."
ගිත්මිට තිබ්බ ලොකුම අවුල එයා දේශිකා අක්කව අන්තිමට දැක්ක වෙලේ දුන්න ලියුම ගැන..... ගිත්මි භය නැතුව එයාගේ හිතේ තියෙන දේවල් එහෙම ලියලා දැම්මේ ආයේ දේශිකා අක්කව හම්බෙන එකක් නෑ කියලා හිතලා.....
ඒත් දැන් දේශිකා අක්කා ආයෙත් ඇවිත්.... ඒ ස්කෝලෙටම.... ගිත්මිට තේරෙන්නේ නෑ එයා අඬන්න ඕනිද.... හිනාවෙන්න ඕනිද කියලා ......
" දේශිකා අක්කේ......"
" අහ් නංගිලා......."
" අක්කා කොළඹ යනවා කිව්වනේ?? මෙහෙ මොකද කරන්නේ..."
YOU ARE READING
Those Days ( ඒ දවස් )
عاطفيةසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?