ගිත්මිලා දහය වසරට ගියාම එයාලව ශිෂ්‍ය නායකයින්ට තෝර ගන්නවා.. ගිත්මිලගේ ස්කෝලේ ශිෂ්‍ය නායකයෝ තේරුවේ දහය වසරෙනුයි දොළහා වසරෙනුයි...... හැමෝගෙම ඉල්ලීම නිසා ගිත්මිත් මේ පාර ශිෂ්‍ය නායක එකට ඉල්ලුම් කරා..........
අධ්‍යාපන ලකුණු සහ බාහිර ලකුණු මත මුලින්ම කට්ටියක් තෝරගෙන ඒ අයට නායකත්ව පුහුණුවක් දෙනවා.... ඊට පස්සේ එතනිනුත් වැඩි ලකුණු ගත්ත අය තමා ශිෂ්‍ය නායකයෝ විදිහට තෝරගන්නේ.......
ගිත්මිව පුදුම කරන්න මේ පාර රොෂානි අක්කා, ෂෙහානි අක්කා වගේම දේශිකා අක්කත් ශිෂ්‍ය නායක අයදුම් කරලා තිබ්බා....... ජනනි,සඳලි, අයේෂා නම් ඉල්ලුම් නොකරේ තේරෙන්නේ නැති බව දන්න නිසාමයි.......
තෝර ගත්ත පුහුණු ශිෂ්‍ය නායකයොන්ව සතියක් පිලියන්දල තියෙන සුබෝධි ආයතනයේ නායකත්ව පුහුණුවකට එක්ක යන එක හැම අවුරුද්දකම වගේ සිද්ද වෙනවා.......
ඉතිම් මේ පාර ගිත්මි,දේශිකා , රොෂානි ,ෂෙහානි හැමෝම ලෑස්ති උනේ පිලියන්දල නායකත්ව පුහුණු කඳවුරට යන්න ........
ගිත්මිගේ පන්තියේ තව යාලුවෝ දෙන්නෙක් වෙන සදුනියි, ශෂිනියි එක්ක තමා ගිත්මි මේ පාර යන්නේ..... මොකද ජනනිලා ශිෂ්‍ය නායක තේරුනේ නෑනේ ....
යනකම් හැමෝම කරේ සින්දු කියපු එක ... කොච්චර මොනා උනත් දේශිකා අක්කගේ ඇසුයි ගිත්මිගෙ ඇසුයි කීප පාරක්ම එකට යා උනා......
කාමරේකට හතරදෙනා ගානේ කාමර වලට ළමයි බෙදුවා. සඳුනියි, ශෂිනියි , ගිත්මියි තව ගිත්මිලගේ පන්තියේ එක ළමයෙකුයි එක කාමරේකට වැටුනා.....
සතියකට බඩු ගෙනාපු නිසා ගිත්මිට තමන්ගෙම සූට්කේස් එක උස්සගන්න බැරි තත්වෙකට ඇවිත් තිබ්බෙ...... ප්‍රධාන හෝල් එකේ ඉඳල කාමර වලට බෑග් එක ටිකක් දුර උස්සන් යන්න තිබ්බා.....
" කෝ දෙන්න මම ගෙනිහින් දෙන්නම්...."
අමාරුවෙන් බෑග් එක උස්සන් යන ගිත්මිගෙන් බෑග් එක ඉල්ල ගත්තු දේශිකා අක්කා ඒක ගිත්මිගේ කාමරේ ගාවින්ම ගෙනත් තිබ්බා.... ගිත්මිගෙන් අහන්නෙවත් නැතුව හරියටම ගිත්මිගේ කාමරේ ගාවට බෑග් එක ගෙනත් දුන්න එක ගැන ගිත්මි හිටියේ පුදුමෙන්....
" මං යනවා පරිස්සමෙන් ඉන්න ..... රෑට කොහෙවත් ඇවිදන්න එහෙම යන්න එපා....."
තමන්ගේ ඔලුවට තට්ටුවකුත් දාලා යන දේශිකා අක්කා දිහා ගිත්මි බලාගෙන හිටියා.... ගිත්මිගේ හදවත එලියට පනින්න තරම් ගැහෙනවා... දේශිකා අක්කා මෙහෙම පුංචි පුංචි දේවල් කරනකොට ගිත්මිට දැනුනේ එයාගේ බඩ ඇතුලෙන් එලියට එන්න සමනල්ලු රොත්තක් පොරකනවා වගේ....
" ඔයා මට ආදරෙයි ද?? නැත්නම් මේ අනුකම්පාවක් ද??"
ගිත්මි තමන්ටම කියාගන්න ගමන් කාමරේ ඇතුලට ගියා......
කාමරේ තට්ටු ඇදන් දෙකකුයි මේසයයි... ඇදුම් වැටකුයි .... අල්මාරියකුයි තිබ්බා.......... ගිත්මියි සඳුනියි පහළ ඇදේ නිදාගන්නකොට... ශෂිනියි අනිත් ළමයයි උඩ ඇදේ නිදාගත්තා ..........
සුබෝදියේදි ගෙවුන ජීවිතේ හරි ලස්සනයි ....... ඒකේ තිබ්බේ හරිම ලස්සන පරිසරයක්.... ඒ වගේම ගඟකින් වෙන් වෙලා.... ඒක කෙලින් තිබ්බේ මොරටුව විෂ්ව විද්‍යාලයේ කොටසක්.... ඇත්තටම ඒ පරිසරයට ආදරේ හිතෙනවා......
කාමර වල ඉඳලා කෑම ගන්න එන්න ඕනි හෝල් එකකට.. ඒ යන අතරතුර ගිත්මිට රොෂානි අක්කලව මුණ ගැහුනා....
" ආහ් නංගි... අපරාදේ ජනිනලත් ඉන්න තිබ්බේ........නේද??"
" ඔව් ඉතිම් පාලුයි..... "
රොෂානි අක්කා ගිත්මිගේ කරට අත දාගෙන කිව්වා...
" කතා කරේ නැද්ද??"
" ආපු වෙලේ නම් කතා කරා..... දැන් නම් නෑ...."
" මං ගැන ඇහුවෙ නැද්ද??"
" නෑනේ ....."
ගිත්මි හිනාවෙලා කියද්දි රොෂානි අක්කා ගිත්මිගේ කොණ්ඩෙ ඇවිස්සුවා....
" මොනාද කරන්නේ....... ඉක්මනින් යන් මෙතන පොඩි උන් එක්ක හුරතල් වෙවී ඉන්නේ......."
" අම්මෝ අම්මෝ...... මෙයාට ජෙලස් හිතිලද කොහෙද.... නැද්ද ෂෙහානි ...."
" ඒක තමා මාත් බැලුවේ..... දැන් මේකි හෙන වෙනස් ඈ........"
" අනේ මේ ඕනි මඟුලක් කර ගනිල්ලා.... මං යනවා .........."
ගිත්මි වගේම අනිත් හැමෝවමත් දාලා දේශිකා අක්කා යන්න ගියා......
ගෙවුන සතිය ගෙවුනේ හරිම විනෝදෙන්.... උදේට නායකත්ව ගැන දේශන තියෙනවා හවස් වරුවේ ගේම් play කරනවා...... හැමෝම ගෙව්වේ සතුටු දවස් ටිකක් .....
" ඔයාට දේශිකා අක්කා එක්ක මොකක් හරි තියෙනවා නේද??"
එහෙ ඉන්න අන්තිම දවසේ රෑට පොඩි කොන්සට් එකක් organized කරලා තිබ්බ නිසා ඒකේ සින්දුවක් කියන්න පුරුදු වෙන ගමන් ඉද්දී....... ශෂිනි ගිත්මිගෙන් ඇහුවා.........
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romanceසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?