ගිත්මි කියන්නේ හරි ලස්සන ගෑණු ළමයෙක්... සුදු පාට හම බෝල ඇඟ ගිත්මිව ගොඩක් හුරතල් කරා...ඒත් දැන් ගිත්මිව දකින කෙනෙක් නම් කීයටවත් විශ්වාස කරන එකක් නෑ ගිත්මි කාලෙකට කලින් එච්චරම හුරුබුහුටියට හිටියද කියලා...... මොකද පහු ගිය දවස් ටිකේ උන දේවල් එක්ක ගිත්මි හොඳටම ඇඳිලා ගිහින් හිටියේ...
හරි හමන් කෑමක් බීමක්... ගන්නේ නැතුව... කතා කරන්න කෙනෙක් නැතුව ගිත්මි ගොඩක් දුක්ඛිත දවස් ටිකක් ගෙව්වේ...... දේශිකා අක්කා තමන්ව මුණ ගැහෙන්න ගෙදරම ආවත් තාත්තා නිසා ගිත්මිට දේශිකා අක්කගේ මූණවත් බලාගන්න වෙන්නෑ........
මාසෙකට පස්සේ ඕලෙවල් ඉවර වෙනකම් විතරක් ස්කෝලෙ යන්න අවසරේ හම්බෙද්දි ගිත්මි ඉක්මනින් ලෑස්ති වෙලා ස්කෝලෙට ගියේ ඒ හිර ගෙදරින් නිදහස් වෙන්නයි ..... විසඳගන්න තවමත් ඉතුරු වෙලා තිබ්බ ප්‍රශ්නෙයි විසඳ ගන්න හිතාගෙන .....
ඔව් ගිත්මිට ඒ ගෙදර හිර ගෙයක් වෙලා තිබ්බේ..... මේ මාසෙටම ගිත්මි ගෙයින් එලියට බැහැලා නෑ ..... හැම පන්තියක්ම ගෙදරට ගෙන්න ගත්ත ගුරුවරු මාර්ගෙන් ගිත්මිට ඉගැන්නුවා.. කොයි වෙලේවත් තමන්ගේ යාලුවෙක් එක්කවත් කතා කරන්න ගිත්මිට අවසරයක් හම්බුන්නෑ.....
අන්තිමට ගිත්මිට සිද්ද උනේ " මං ඔයාට ආදරෙයි ගිත්මි" කියලා දේශිකා අක්කා පහළ සාලේ ඉඳලා කෑ ගහද්දී.... " මාත් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ අක්කේ කියලා කෑ ගහ ගන්නවත් බැරුව ලොක් කරපු කාමරයක් අස්සට වෙලා අඬන්න .....
" දෙයියනේ කෙල්ලේ....... අන්තිමට උඹ ආවා එහෙමනම් .............."
ගිත්මි ස්කෝලෙට ආව ගමන්ම ජනනි, සඳලි, අයේෂා දුවගෙන ඇවිත් ගිත්මිව බදාගත්තේ දැනුන සතුටට.......
" උඹ ඇදිලා ගිහිල්ලා.........."
ජන්නි ගිත්මිව අත ගගා කිව්වේ දැනුන හිත් වේදනාව හංඟගෙන.......
" ඇයි එහෙම කරේ??"
එක පාරටම ගිත්මි එහෙම කියද්දි... ජනනි.... අයේෂා ..... සඳලි මූණට මූණ බලාගත්තේ ගිත්මි කියන මෙලෝ දෙයක් තේරුනේ නැති නිසා ......
" මොනා ගැනද ගිත්මි කියන්නේ ?"
" මං අහන්නේ ඇයි එහෙම කරේ කියලා ??"
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romansaසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?