පසුවදන

467 26 6
                                    

මගේ චූටි මැණික ගිත්මි,

මුලින්ම අක්කට සමාවෙන්න ඔයාව හොයන් එන්න පරක්කු උනාට.... මට දේවල් මෙහෙම වෙන්න ඕනි උනේ නෑ .... ඒත් මං උත්සහ කරා කෙල්ලේ... මට පුලුවන් හැම විදියකින්ම උත්සහ කරා..... ඒත් දේවල් අපිට ඕනි විදිහට වෙන්නෑනේ .......

ඔයා මේක කියවද්දි මං ලංකාවේ නැති වෙයි.... මට මගේ පවුලේ අය රැක ගන්න මේ තීරණේ ගන්න වෙනවා... අක්කට සමාව දෙන්න මැණික.... අකමැත්තෙන් උනත් අපිට සිද්ද වෙනවා මේ සම්බන්දෙට තිත තියන්න.......

මෙහෙම කොල කෑල්ලකින් වෙන් වෙන එක අසාධාරණයි තමයි..... මටත් ඕනි අන්තිම වතාවට ඔයාව මට තුරුල් කරන් සමාවෙන්න කියන්න .... අක්කා පැරදුනා කියන්න ..... අක්කා පරාජිතයෙක් කියන්න ...... ඒත් එහෙම අවස්ථාවක් වත් නැතුව ඔයාට සමු දෙන්න තරම් මේ ලෝකේ කුරිරුයි මැණික .....

එක දෙයක් ඉල්ලන්නම් ...... පුලුවන් නම් අක්කට වෛර කරන්න එපා..... ඔයා ලස්සන මහත්තයෙක් හොයාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ..... මං වෙනුවෙන් ඒක කරන්න .......

අනිවාර්යයෙන් මෙහෙම කුරිරු මිනිස්සු නැති තැනක ඊළඟ ආත්මේ ඉපදෙමු.... එතකොටත් කාටත් කලින් මගෙ වෙන්න..... හාද??

මීට ඔයාගේ දේශිකා අක්කා.....

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

මගෙ අක්කේ,

මං දන්නවා මට මේ ලියුම ඔයාට දී ගන්න විදිහක් නෑ ...... ඒත් මට මේක ලියන්න ඕනි..... ඔයාව ආයේ කවදාවත් මට හම්බ වෙන්නේ නැති වෙන්න පුලුවන් .......

මේ ගෙවෙන දවස් හරි අමාරුයි .... මගේ හිනාවට හේතුවක් උන ඔයා ... ඔයා නැති උනාම මට හිනාවෙන්නේ කොහොමද කියලා ඉගැන්නුවෙ නෑ අක්කේ.... මං දැනන් හිටියා මේ දේ වෙයි කියලා ...... ඔයා "මොනාහරි කරන්නම්" කිව්වට එදා... ඔයාටත් කරන්න මුකුත්ම ඉතුරු නෑ කියලා .... මං දන්නවා ඔයා උත්සහ කරා කියලා .......

මට ඔයා නැතුව පුලුවන් කියලා ජීවත් වෙන්නත් බෑ ..... එහෙමයි කියලා ඔයා නැතුව ඉන්න බෑ කියලා මැරෙන්නත් බෑ... ඒ හැඟීම මාව මරන්නැතුව මරනවා අක්කේ..... මට දරාගන්නම බැරි... මට ඔයාව අමතක කර ගන්න බැරි තැනකට ආවට පස්සේ... මට ඔයාව නැති වෙන එක .......

මං දන්නවා ..... ඔයා කවදාහරි කාවහරි බඳියි.... සමහර විට මාත්..... කවදාහරි දුවෙක් හම්බුනොත් එයාට මගේ නම තියන්න.... මට පුලුවන් ඔයාට ආදරේ කළා වගේම එයාටත් ආදරේ කරන්න .... එතකොට මගේ හිත තවත් හයිය වෙයි.... මොකද මේ ආදරේ කවදාවත් මැරෙන එකක් නෑ ......

ඉතිම් මං අදට නවතින්නම්..... ම්ම් නෑ.... සදහටම නවතින්නම්....... හැමදාමත් මට ඔයාව මතක තියේවි අක්කේ..... මගේ ජීවිතේට නොලැබුණු හොඳම ලැබීම ඔයා කියලා ........

ආදරෙයි ......

මීට ඔයාගේ චූටි මැණික

" මට ඔයා වටිනවා....... ජීවිතේට වඩා..... කාටත් කලින් මාගේ වෙන්න ..... ආයේ ලබන ජන්මයේ.... ඔබෙ අත ගන්නට ඒ බවේ........."
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

ඉතිම් ඔයාලට මං පොරොන්දු උන විදියටම හෙට ඉඳලා අලුත් කතාවක් දෙන්නම් GL ... ඒකෙත් දුක හිතෙන කෑලි තියෙයි.... ඒත් End එක අනිවාර්යයෙන් Happy වෙයි......❤️❤️❤️

කතාවේ නම තමා "මිනිත්තුව"....

ආදරෙයි මං පූජා 😘😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරෙයි මං පූජා 😘😘

Those Days ( ඒ දවස් )Where stories live. Discover now