" අහ් නංගි පරිස්සමෙන් ........ තුවාල වෙයි....."
10 වසරේ කොරිඩෝව පුරා ඉන්න සෙනග පහු කරන් ඉස්සරහට යන ගිත්මිව විසික් වෙලා ගියේ ලොකු අක්කෙක්ගේ ඇඟේ වැදිලා..... යන්තම් ගිත්මිව අල්ල ගත්ත සුමුදු බැලුවේ ඇයි මේ පොඩි එකී මෙහෙ කරන්නේ කියලා ....
" අක්කා ගීතානි ටීච කිව්වා... රෙකෝඩ් බුක් එක අරන් එන්න කියලා ......."
ගිත්මි හිටියේ එතන තියෙන සද්දේ උහුල ගන්න බැරුව... කොහොමත් ගිත්මි කියන්නේ වැඩියේ සෙනඟ ඉන්න තැන් වලට ආස කෙනෙක් නෙමෙයි......
" ආහ් ඇතුලේ මේසේ උඩ ඇති .... ඉන්න මං ගෙනත් දෙන්නම්....."
සුමුදු කියන්නේ 10 - D පංතියේ පන්ති නායිකාව.. එතකොට ගිත්මි?? ගිත්මි හිටියේ 7 - A එකේ.. අද වට පිටාවේ මෙච්චර සද්දේ.... මේ අවුරුද්දේ ස්කෝලෙ එන අවසාන දවස නිසා ... ඊළඟ අවුරුද්දේ ඉතිම් අලුත් පන්ති වල... මේ දවසට ඉතිම් ස්කෝලෙ හැම පන්තියකම වගේ පාටි... ළමයි කෑම බීම ගෙනත් සින්දු කිය කිය නටනවා.... විනෝද වෙනවා....... ස්කෝලේ ගොඩක් දෙනෙක් කැමතිම මේ අවුරුද්දේ අවසාන දවසට.......
සුමුදු අක්කා.... පන්තිය ඇතුලට ගිහින් රෙකෝඩ් book එක ගේනකම් ගිත්මි කරේ පන්තිය වටේ ඇස් යවපු එක ..... ගිත්මි පළවෙනි වතාවට මේ 10 - D එකට ආවේ...... ගිත්මිලගේ කලාස් තිබ්බේ කෙලින්ම මේකට උඩ තට්ටුවේ උනත් ගිත්මි 10 වසර පැත්තට ආවනම් ආවේ වැරදිලා තමා..... මොකද ගිත්මි 10 වසරට භයයි prefectලා හිටියේ ඒ පන්ති වලින් නිසා ......
පන්තිය වටේ යවපු ගිත්මිගේ ඇස් එක තැනක නැවතුනා... සුදුම සුදු හමක් තියෙන චීන ඇස් වගේ හීනි ඇස් තියෙන අක්කෙක් මේසයක් උඩ නැගන් ඉන්න prefect අක්කෙක් එක්ක හිනා වෙවී කතා කරනවා.... එයා හිනාවෙනකොට ලාවට කම්මුලක් වල ගැහෙනවා.... ගොතල තිබ්බ කොණ්ඩෙ බෙල්ල ගාවට තරම් කොටයි.... ගිත්මිට එයා ලංකාවේ කෙනක්ද කියලා සැකේකුත් ආවා.....
ගිත්මි පියවි ලෝකෙට ආවේ සුමුදු ඇවිත් කතා කරද්දී.... ගිත්මිට ලැජ්ජත් හිතුනේ එයා මෙච්චර වෙලා අර අක්කා දිහා බලන් හිටියා කියලා තේරෙද්දී.....
" ඔයාගේ නම මොකක්ද නංගි??"
සුමුදු අක්කා හිනාවෙලා ගිත්මිගෙන් ඇහුවම ගිත්මි ඔලුව නමාගෙනම උත්තර දුන්නා.....
YOU ARE READING
Those Days ( ඒ දවස් )
عاطفيةසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?