"ඇයි ඔයා එහෙම ඇහුවේ??"
" නෑ මට එහෙම හිතෙනවා.... ඔය දෙන්නා ඔය දෙන්නා දිහා බලන විදිහෙන්........"
" පොඩි එකක් තියෙනවා ........"
" ඒ කියන්නේ ඔයාගෙද?? එයාගෙද??"
" මගේ........"
එදා හවස කොන්සට් එකේ එක එක අයිටම්ස් කරා..... දේශිකා අක්කලා කරේ නාට්‍යක්...... එතකොට ගිත්මිලා කරේ සින්දුවක්.... කෝප්ප වලින් සද්දෙ දදා කියපු ඒ සින්දුව ඇත්තටම ගොඩක් ලස්සනට තිබ්බා......
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේඋඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේමිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු
තුරුලේ ලමැදේ පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේඋඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේඋඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේඑක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේඋඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේඉර පුපුරනවාලු තරු පූදින කාලේ
සඳ මිය යනවලු තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේඋඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි එක රෑනේ
පහුවදා උදේට කෑමත් අරන් කට්ටියම ලෑස්ති උනේ... ආපහු ස්කෝලෙට එන්න.... ගිත්මි ශෂිනිට දේශිකා අක්කා ගැන කිව්වට පස්සේ ශෂිනි දේෂිකා අක්කගේ ඇගේ එල්ලෙනවා වැඩී කියලමයි ගිත්මිට හිතුනේ....... ගිත්මි හිටියේ ඒ ගැන තරහින්.... කට්ටිය එන්න පිටත් උනාමත් ඒ එන අතරතුරත් කට්ටිය සින්දු කිව්වා..... දේශිකා අක්කා හිටියේ ගිත්මිගේ සීට් එකට පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන......
ගිත්මි උනත් හිටියේ සීට් එකේ ඉඳගෙන සින්දු කියන ගමන්..... ඒත් ගිත්මිගේ ඇස් දෙක තිබ්බේ දේශිකා අක්කගේ සීට් එක ගාවට වෙලා නටන ශෂිනි ගාව.... බස් එකේ ගහපු බ්‍රේක් එකකට ශෂිනි කෙලින්ම ගිහින් වැටුනේ දේශිකා අක්කගේ ඔඩොක්කුවට....... දේශිකා අක්කා ශෂිනිට එහෙමම ඉන්න කිව්ව එකෙන් නම් ගිත්මිට සෑහෙන්න රිදුනා.... ඔව් ගිත්මිට ඇඩුනා..... සඳුනි ගිත්මිගෙන් කීප වතාවක්ම ඇයි කියලා ඇහුවත් ගිත්මි කිව්වෙම එයාගේ ඔලුව රිදෙන නිසයි එයා ඔලුව තියාගෙන ඉන්නේ කියලා ...... ඒත් ගිත්මි විතරයි දන්නේ එයා ඔලුව තියාගෙන ඉන්නේ ඇස් දෙකට එන කඳුලු කවුරු හරි දකියි කියන බයට කියලා ......
" තමුසෙ කියන්නේ අර ශෂිනි කියන ගෑණි දේශිකා අක්කගේ ඔඩොක්කුවේ ආවේ..... ආපහු ස්කෝලෙට එනකම්ම කියලා ??"
" හම්ම්........"
ගිත්මි ඇඩුම් අතරින් හූමිටි තිබ්බා.... ගිත්මි පහුවදා ඇවිත් උන සේරම ජනනිලාට කිව්වා........
" ඕකිගේ දත් ඇන්ද යවන්න එපැයි බඩට.... ඒකිට ඔක්කොම විස්තරේ කිව්වට පස්සෙත් ඒකිට මොනාද දන්නෑ පෙන්නන්න ඕනි උනේ......."
" මේකිට කලින් ඒකිට දේශිකා අක්කව ටෝක් කරගන්න පුලුවන් කියලද දන්නෑ......."
" ලබ්බ තමා ......... ඒකි මොන හාල් කෑල්ලක්ද......."
" ඒ උනාට දේශිකා අක්කත් එයාව තියාගෙන ආවේ අපූරුවට...."
ගිත්මිට ඒක මතක් වෙලා ආයෙත් ඉකියක් පිට උනා......
" උඹමනේ කිව්වේ බස් එකේ හැමෝටම ගානට සීට් තිබුනේ නෑ කියලා ...... ඒක නිසා එයා අරයට එහෙම්ම ඉන්න කියන්න ඇති ........"
" ඒ උනාට අර ශෂිනි අම්මණ්ඩිව නම් අත අරින්න හොඳනෑ..........."
වෙච්චි හිත් රිදීම් එක්ක ගිත්මි දේශිකා අක්කව වගේම ශෂිනිවත් මග ඇරියා.... දේශිකා අක්කට ඒක තේරිලා තිබ්බ නිසා එයා ගිත්මි එක්ක කතා කරන්න උත්සහ කරත් ගිත්මි ඒ හැම වෙලාවකම එතනින් යනවා ........ ඒ අතරේ ශෂිනි තව තවත් දේශිකා අක්කගේ කරේ එල්ලෙන්න දඟලපු එක නම් ජනනි වගේම අනිත් තුන්දෙනාගෙත් රතු කට්ට පැන්නෙව්වා.......
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romanceසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?