02 කොටස

888 52 5
                                    

" උඹ දැන් එන්න කිව්වට ඒ අක්කගේ නම අහ ගත්තේ නැද්ද?"

" නෑනේ ........"

" මැටි අලේ........."

ජනනි කිව්වත් වගේ ගිත්මිට අමතක උනා ඒ කපුටු කූඩු අක්කගේ නම අහ ගන්න ..... හැබැයි අහ ගත්තට වැඩක් වෙන එකක් නෑ ..... මොකද ගිත්මිට නම් පාඩම් හිටින්නේ හරි අඩුවෙන්.... අහන කෙනෙක්ට හිනත් යයි මුලු පන්තියෙන්ම දෙවෙනියට මිනිස්සුන්ගේ නම් මතක හිතන්නේ නෑ කිව්වම....

" අහ් මේ ඉන්නේ....."

ගිත්මි වගේම ජනනිත් භය වෙලා බැලුවේ ගිත්මිගේ පිටිපස්සේන් ආපු සද්දෙට.ඇවිල්ල ඉන්න අය දැක්කාම ගිත්මිගේ ඇස් නලලට යන්න වැඩි වෙලාවක් ගියේ නෑ ....... මොකද ඒ ඇවිත් හිටියේ අර කපුටු කූඩු අක්කයි, prefect අක්කයි, චීන ඇස් අක්කයි....

" ඔයාලා එන පාටක් නැති නිසා අපි ආවා හොයාගෙන ........."

කපුටු කූඩු අක්කා කියද්දී එතෙනට අයේෂයි සඳලියි ඇවිත් ඉවරයි ......

" මට ජනනි එක්ක කතා කරන්න පුලුවන් ද?"

එතන මොන සාකච්ඡාවක් ගියත් ගිත්මිට සිහියක් නෑ .... ගිත්මි බලාගෙන හිටියේ එයාගේ ඉස්සරහ හිටන් ඉන්න චීන ඇස් අක්කා දිහා... ගිත්මිට ගොඩක් ඔලුව උස්සන්න උනා එයාගේ මූණ බලන්න ...... මොකද ඒ අක්කා ඉස්සරහ ගිත්මි නිකම් බටු ඇට දෙකක්.....

" මං රොෂානි, මේ ෂෙහානි... එතකොට මේ දේෂිකා.... "

ජනිනි ඒ අක්කා දිහා බැලුවේ ඉතිම් අපිට මොකෝ කියන බැල්මක්......

" ඇත්තටම අපි කෙලින් කාරනාවට එන්නම්කෝ.... අපේ රොෂානි ජනනිට කැමති ......."

Prefect අක්කා එහෙම කියද්දි ගිත්මි, ජනනි,අයේෂා , සඳලි හතර දෙනාම එක එක්කෙනාගේ මූණ බලාගත්තා ... මොකද ඒ අය හොඳටම දන්නවා ජනනි කැමති අක්කෙක් එයාට ඉන්නවා කියලා ....  ඒත් මේ වෙච්ච දේ ඒ අයට ගොඩක් පුදුම හිතෙන දෙයක් උනේ නෑ... මොකද ජනනිගේ පස්සෙන් අක්කලා වගේම නංගිලත් නිතරම ආවා....

ජනනිගේ පෙනුම කොහොමත් කොල්ලෙක්ගේ වගේ.... ජනනි කියන්නේ ගිත්මිගේ හොඳම යාලුවා... ජනනි අනිත් අයට කියන්නේ නැති ගොඩක් දේවල් ගිත්මිට කිව්වා..... ඉතිම් ජනනි කතා කරන හැසිරෙන විදිහත් කොල්ලෙක්ගේ වගේ නිසා ගොඩක් කෙල්ලෝ ජනනින්ගෙන් කැමැත්ත අහලා තියෙනවා ......

" මං කැමති වෙන කෙනෙක් ඉන්නවා..."

ජනනි ගානක් නැතුව කිව්වේ අර කපුටු කූඩු අක්කගේ මූණ කජු ලෙල්ලක් වගේ ඇකිලිලා යද්දී.......

" කමක් නෑ ...... තාම සෙට් නෑනේ එතකම් මට චාන්ස් එක තියෙනවා ...."

ඒ අක්කා එහෙම කියලා ජනනිගේ ඔලුවට තට්ටුවකුත් දාගෙන ගියේ අපි එක්ක හිනා වෙලා ...... ඒත් ගිත්මි නම් ඒ අය යනකම් බලාගෙන හිටියේ දේශිකා දිහා.......

" ඒ එයාලද ඒ........."

ඒ අය ගියාට පස්සේ ජනනි ගිත්මිගේ කොණ්ඩෙන් ඇදලා ඇහුවා..

" ඔව් ඔව්........"

" දන්නවද ඒ කවුද කියලා ??"

" කවුද ??"

" දේශිකා... අක්කා........."

" නෑනේ .....කවුද ඒ??"

" එයා තමා අපේ western band එකේ leader......"

" සිරාවට ??"

ගිත්මි ඉතිම් හැම උත්සවේකම සිහියෙන් ඉන්නෙ නැති නිසා ගිත්මිට එහෙම දෙයක් මතකේ තිබුනේ නෑ.......

ගිත්මි ඒ ගැන හිත හිතම ගිහින් බෑග් එක ලෑස්ති කරේ තව ටිකෙන් ස්කෝලෙ ඉවර වෙන බෙල් එක ගහන නිසා .......

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

ළමයි මේ කතාව ගොඩක් විෂේශ කතාවක්..... මං ඒකට හේතුව අන්තිමට කියන්නම්........

Those Days ( ඒ දවස් )Where stories live. Discover now