" මට කියපන් ගිත්මි මොනාද මේවගේ තේරුම......."
ගිත්මිගේ දෙපා මුලට දැම්ම ෆෝන් එක අතට ගත්ත ගිත්මිට දකින්න හම්බුනේ තමන්ට අදහා ගන්න බැරි දෙයක් .......
ෆෝන් ස්ක්රීන් එකේ තිබ්බේ හරි ලස්සනට දේශිකා අක්කගේ birthday එක දවසේ දේශිකා අක්කා ගිත්මිගේ නලලට දුන්න හාදුවේ ෆොටෝ එකක්.....
" ත්........තා.........ත්.......තා..........."
" කටවහපන් ගිත්මි........ ඔය කටින් මට තාත්තා කියන්නේ කොහොමද උඹ??"
" මං තමුන්ට කිව්වා ගිත්මි මොනාහරි තියෙනවා නම් එදාම නතර කරන්න කියලා ......... තාත්තා දැන ගත්තොත් මීට වඩා දරුණු වෙයි කියලා ...... මං කියපුවා කනකට ගත්තද ගිත්මි??....."
මේ ඔක්කෝටම වඩා ගිත්මිගේ හිත රිදුම් දෙන්නේ ඒ පිංතූර තාත්තට යවපු කෙනා දැකලා........
" අනේහ්.......... මට සමාවෙන්න ...... ඒත් මං ආදරෙයි නේ....."
චටාස්........
ආයෙත් ගිත්මිගේ කම්මුලකට තාත්තගෙන් වැදුන පාරට ඒ තොල පුපුරලා ලේ එන්න ගත්තා ........
" ආදරේ ??? තමුසෙට පිස්සු හැදිලද ගිත්මි ??? ඕක මානසික ලෙඩක් .... මීට වඩා නම්බුකාරයි තමුසේ කොල්ලෙක් එක්ක යාලු උනා නම් .........."
" අනේ.... දැනෙන තැන නෙමේද ආදරේ තියෙන්නේ ??"
ඔව් ගිත්මිට කතා කරන්න ඕනි උනා..... පළවෙනි වතාවට තමන් වෙනුවෙන් කතා කරන්න ඕනි උනා..... මොකද ගිත්මි දන්නවා දැන් කතා නොකරොත් ආයේ කවදාවත් ගිත්මිට කතා කරන්න වෙන්නැති වග......
“ ආදරේ?...... නල්ලමලේ ආදරේ.....? තාම ඇටෙන් පොත්තෙන් මෝරලවත් නැති උඹලා මොනාද බන් ආදරේ ගැන දන්නේ??.......”
“ අනේ...... ආදරේ කරන්න වයසක් කොහෙවත් ලියලා දීලා නෑනේ... ඇයි මේ....? මං ලකුනු ගන්නවනේ... මං ඕලෙවලුත් පාස් වෙන්නම්... අනේ මං දේශිකා අක්කට ගොඩක් ආදරෙයි....”
“ ලකුණු?? ....... යකෝ මෙතන තියෙන්නේ නම්ම්බුව ගැන ප්රශ්නයක්...තමුසේ නිකම් මං කවුද කියලා නොදැන වගේ කතා කරන්න එපා... යකෝ....... සම ලිංගික දුවෙක් ඉන්නවා කියනකොට මොකෙක්වත් මට ඡන්දේ දෙයිද?...... තමුසේ ලකුණු ගත්තත් එකයි නැතත් එකයි... මේවා වහාම මෙතනින් නවත්තන්න ඕනි...”
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romansaසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?