" Happy Birthday to you..... Happy Birthday to you ....... Happy Birthday Deshika...... Happy Birthday to You ....."
දේශිකා අක්කා ඇතුලට එනකොටම කේක් එකත් අරගෙන ගිත්මියි යාලුවෝ ටිකයි බර්ත්ඩේ සින්දුව කියන්... ඉස්සරහට ගියා...
“ අනේ.....මේ මොකද??”
‘ මේ ඔක්කොම ඉතින් ඔයාගේ චූටි මැණිකෙගේ ප්ලෑන් තමා හොදේ... අපි කරේ පොඩි සප් එකක් දෙන එක තමා...”
“ එහෙම නෑ හැමෝම ගොඩක් උදව් කරා....”
“ අනේ ගොඩක්ම ස්තූතියි හැමෝටම....’
හැමෝම එයා වෙනුවෙන් මහන්සි වෙලා තියෙනවා දක්කම දේශිකා අක්කාගේ ඇස් අස්සෙන් කඳුලක් ආවේ ඉබේටමයි...
ඒ ඔක්කොමටත් වඩා එයාගෙ ඇස් දෙකේ කඳුලු පිරෙන්න ලොකුම හේතුව උනේ තමන් ඉස්සරහා ඉටිපන්දම් පත්තු කරගෙන මූණේ ලස්සන හිනාවක් එක්ක ඉන්න පුංචි ගිත්මිව දකලා....
ඔව් ගිත්මි දැන් එකොලහේ උනත් දේශිකා අක්කා තාම දකින්නේ අර හත වසරේදි තමන්ගේ පන්තියට නාමලේඛනේ ඉල්ලන්න ඇවිත් තමන්ව දැකලා ඇස් ගැස්සුනු ඒ පුංචි කෙල්ලව.... භයක් සැකක් නෑ ඒ ඇස් වල ආදරේ හරි ලස්සනට ලියෙවිලා තිබ්බා....
“ මගේනේ....”
හිතින් එක පාරට වාන් දාන ඒ හැඟීම් ඔක්කොම හිර කරන් දේශිකා අක්කා ගිත්මිගේ නලලෙන් ඒ හැඟීම් හාදුවක් විදියට පිට කරා...
අනිත් අතින් ගිත්මි... ගිත්මිට පෙනුනා ඒ ඇස් වල දිලිසෙන සතුටු කඳුලු... ඒ කඳුලු එක්ක ගිත්මිගේ හිතේ හිරියක් ගියේ හැමදාම කම්මුල් වල ගැහෙන ඒ හිනාව ළඟ ගිත්මි හිර වෙන නිසා... ගිත්මිට ඕනි උනා හැමදාම මේ අවංක හිනාව ඒ මූණේ තියෙනවා දකින්න.... ඔව් ගිත්මි ඒ හිනාවටත් ආදරේ කරා....
“ හරි හරි පෙම් කුරුල්ලෝ ලව් කරා ඇතිනේ.....කේක් කමුද? බඩගිනී.”
“ පලයන් ඉරිසියාකාරී.. උබට ඔය ජනනි ඉන්නේ...මං එපා කිව්වයෑ උඹට ලව් කරන්න...”
ඉතිම් එදා දවස ගිත්මිගෙ හිතේ සතුටුම දවස් වලින් එකක් විදියට ලියවුනා.... ඒත් ගිත්මි අද නම් හිතනවා ඇති ඇයි ඒ දවස උදා උනේ කියලා ......
කාලය ටික ටික ගෙවිලා ගියේ දේශිකා අක්කලගේ ස්කෝලෙ ගමන නතර කරලා ඒලෙවල් වලට busy කරලා.... ඒත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම හම්බෙන්න මේ දෙන්නා අමතක කරේ නෑ.......
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Lãng mạnසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?