03 කොටස

458 46 3
                                    

ඉතිම් හත වසර ඉවර කරලා දැන් ගිත්මි වගේම අනිත් යාලුවොත් යන්නේ අට වසරට..... ගිත්මිලගේ ස්කෝලේ අවුරුද්දෙන් අවුරුද්දට පන්තියේ ළමයි වෙනස් කරනවා... ඉතිම් හයේදියි හතරෙදියි එකටම හිටපු යාලුවෝ සෙට් එකට කැඩෙන්න වෙන්නේ පන්ති බෙදුව නිසා ....... ගිත්මි 8-C එකට වැටෙනකොට...... අයේෂා 8-A, ජනනියි සඳලියි 8-D පන්තියට වැටුනා......

" එපා වෙනවනේ මේ පන්ති බෙදිල්ලත්..."

ජනනි හිටියේ ගිත්මිව තමන්ගේ පන්තියට නොවැටුන එකට තරහින්.....

" හරි අනේ මං එහා පන්තියේ ඉන්නවනේ...."

" උඹ නම් එහා පන්තියේ හරි ඉන්නවා... මං ඉන්නේ උඹලට හැතැප්මක් එහා .... අනිත් කෙලවරේ........."

8-D එකයි , 8-C එකයි එක ළඟ තිබ්බට 8 -A එක තිබ්බේ තට්ටුවේ අනිත් කෙලවරේ......

මේ පාරත් අට වසර ගොඩ නැගිල්ලේ උඩම තට්ටුවේ වෙනකොට ඊට යාබදව පහළ එකොළහ වසර තියෙන්නේ දෛවයකට කියලා මේක කියවන ඔයාලටත් හිතෙන්න පුලුවන් .....

පන්ති වලින් මේ අයට බෙදෙන්න සිද්ද උනත් ඒ යාලුකම් බෙදලා දාන්න ඒකට බැරි උනා... ඒ නිසයි විවේක වෙලාවක් හම්බුන ගමන් යාලුවෝ හතර දෙනා එකතු වෙන්නේ....

8 -C පන්තිය ඉස්සරහා තියෙන කවුලුව ගාවට එකතු වෙන එක මේ හතර දෙනාට පුරුද්දකට ගිහින් තිබුනා... ඒ වගේම කවුලුව ළඟ නිතරම මේ හතර දෙනාව දකින එකත් අනිත් අයට පුරුදු වෙලා තිබ්බා.....

මේ වෙනකොටත් ජනනි එකොළහ වසරේ අංජානි අක්කා එක්ක යාලු වෙලා හිටියත් අංජානි අක්කගේ උවමනාව මත ඒක හැමෝටම රහසක් විදියට තියාගන්න එයාලා වග බලාගත්තා ...... ඉතිම් මේ රහස දැනගෙන හිටියේ ජනනිගේ යාලුවෝ ටිකයි ... අංජානි අක්කගේ යාලුවෝ ටිකයි විතරයි ......

කාලය ගෙවුනේ ගිත්මි ජනනිගෙයි අංජානිගෙ බ්‍රෝකර් වැඩේ කරද්දී.... ඒ වගේම මේ කාලේ ඇතුලත ගිත්මිලගේ සෙට් එක කපුටු කූඩු අක්කලගේ සෙට් එක එක්ක ෆිට් උනෙත් ගිත්මි නිසා ...

මේ ඔක්කොටම හේතුව ගිත්මි සමාජ සේව ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරී සාමාජිකයෙක් නිසා ...... ස්කෝලේ තිබ්බ සමිති සමාගම් හැම එකකම වගේ ගිත්මි තනතුරක් දැරුවා...... ඒ වගේම පන්තියේ හොඳට ලකුණු ගන්න නිසාත්... ගිත්මිගේ අම්මා ගුරුවරියක් නිසාත් ගිත්මී ස්කෝලෙ ගොඩක් ප්‍රසිද්දයි....

හැමදාම දවසට වතාවක් හරි රොෂානිලා ජනනිගේ පන්තිය පැත්තේ එන එක පුරුද්දක් වෙලා තිබ්බා..... ඒ ආවාම ගිත්මි එක්ක ෂෙහානි කතා කරත් දේෂිකා නම් වචන දෙක තුනකට වැඩියේ නොකියන්න වග බලා ගත්තා ....

මේ වෙද්දිත් ජනනි අංජානි අක්කා එක්ක සම්බන්දයක් තිබ්බත් ඒක රොෂානි අක්කලාට කියන්න විදිහක් නැති නිසා රොෂානි අක්කා ජනනිගෙ පස්සෙන් එන එක නැවැත්තුවේ නෑ ...... ගිත්මිට ඒක කියන්න ඕනි උනත් ජනනි නිසා ගිත්මි හිටියේ අසරණ වෙලා .... ඒත් දේශිකා අක්කව දවසකට සැරයක් හරි දකින්න හම්බෙද්දී ගිත්මි සතුටු උනා... ගිත්මි දන්නේ නෑ ඇයි එයාට දේශිකා අක්කව දකිද්දි මෙච්චර සතුටක් එන්නේ කියලා ..

Those Days ( ඒ දවස් )Where stories live. Discover now