ස්කෝලේ ගෙවපු කෑම්ප් එක ඉවර වෙලා අදට සතියක් ගත වෙලා. ගිත්මි තාමත් ජීවත් උනේ කෑම්ප් එකේදි උන දේවල් ගැන හිත හිත.... දේශිකා අක්කගේ දඟකාරකම් මතක් වෙද්දි ගිත්මිගේ හිතට එන්නේ අමුතුම කෝල ගතියක්........
" ගිත්මි මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා ........"
කෑම්ප් එක ඉවර වෙලා දවස් දෙකකින් විතර ගිත්මිගේ අම්මා ගිත්මිට කියද්දී ගිත්මිගේ ඉහෙන් කනින් දාඩිය දැම්මා.....
" මොකක්ද අම්මා??"
" කවුද දේශිකා කියන්නේ ??"
ඒ නම ඇහුනාම නම් ගිත්මිට දැනුනේ තමන් මේ කලන්තෙ දායි වගේ හැගීමක්......
" අපේ ප්‍රිෆෙක්ට් ටීම් එකේ අක්කෙක් ඇයි අම්මේ??"
" ඒ ළමයත් එක්ක තමුන්ගේ සබන්දේ මොකක්ද ??"
" එහෙම මුකුත් නෑ අම්මේ ටීම් එකේ ඉන්නවා එච්චරයි ......"
" ම්ම්ම් එහෙම උනොත් හොඳයි ....... දන්නවනේ අපේ නම කැත කරන්න දේවල් කරන්න හිතන්නවත් එපා.... තාත්තා මං වගේ කතා කර කර ඉන්නැති බවත් දන්නවනේ ??"
" ඔව් අම්මා........"
" හම්ම්ම් දැන් යන්න පුලුවන් ........."
ගිත්මි කාමරේට ගිහින් කරේ අඬපු එක ........ ඇයි මේ ලෝකෙට මෙච්චර නීති?? ඇයි ආදරේ කරනවා කියන එක මෙච්චර ලැජ්ජ හිතෙන දෙයක් වෙන්නේ....??? ගිත්මිට කරන්න දෙයක් හිතාගන්න බැරි උනා........
ඇත්තටම ගිත්මි කරන්නේ වැරැද්දක්ද?? ගිත්මි ගිත්මිගෙන්ම ප්‍රශ්න කරා... තමන්ට දැනෙන තැනක නවතින එක වැරැද්දක්ද......
ඇයි මේ ලෝකේ මිනිස්සු මෙයා ආදරේ කරන්න ඕනි මේ වගේ කෙනෙක්ට කියලා නීති දාගෙන ඉන්නේ?.... හැඟීමක් කියන්නේ නීති දාලා හිර කරන්න පුලුවන් දෙයක්ද?......
ගිත්මි දන්නවා කවදාවත් ගිත්මිලගේ ගෙදරින් මේ වගේ සම්බන්දෙකට නම් කැමති වෙන්නේ නැති බව..... ඉතින් දැන දැනම ගිත්මි මෙහෙම අමාරුවේ වැටෙන එකේ තේරුමක් තියෙයිද?..... ඇත්තටම මේ මොහොතේ වින්දට මේ සම්බන්දේ අවසානේ කොහෙන් කෙලවර වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොම ගිත්මිගේ ඔලුව අතුලේ දෝංකාර දුන්නා...
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romanceසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?