" මොකද ඈත් වෙන්නේ ආ??"
" මට ඕනි නිසා ....."
" එහෙම හිතෙන හිතෙන වෙලාවට ඈත් වෙන්න බෑ......"
" ඇයි බැරි ?? මට ඕනි නම් මං ඈත් වෙනවා..."
ගිත්මි නහය ඉහළට අඳින ගමන් කියද්දි.. දේශිකා අක්කට හිනා යන්න ආවත් අමාරුවෙන් අර නපුරු මූණම තියාගෙන ඉන්න එයා පරෙස්සම් උනා.....
" අහිංසකයි කියලා හිතුවට තමුසෙට පුදුම කටක්නේ තියෙන්නේ ........"
" ඔව් ඔව්.....මං අහිංසක නෑ....... අහිංසක කෙනෙක් ඕනි නිසානේ ඔය හොයන් තියෙන්නේ ......"
" කවුද ??"
" ශලනි....."
" ආ ඔව් ශලනි නම් අහිංසකයි තමා ...."
දේශිකා අක්කා එහෙම කියද්දී ගිත්මිගේ ඇස් වල කඳුලු ආයේ අලුත් උනා.......
" මොකද දැන් ??"
" ඇයි කියන්නකෝ අක්කේ මට මෙහෙම කරන්නේ??"
" කොහොම ??"
" මට අකමැති නම් කෙලින්ම කියන්නකෝ අප්පා අකමැති කියලා ....... ඇයි මෙහෙම මට බලාපොරොත්තු දෙන්නේ දවසින් දවස.... එක්කෝ ඉස්සර වගේ ගණන් ගන්නේ නැතුව ඈතටම වෙලා ඉන්න ...... එතකොට මට දුරින් බලන් ඉඳල හරි හිත හදා ගත්තැකිනේ......"
මේ පුංචි හිතේ මෙච්චර ආදරයක් ...... දේශිකා අක්කට ඇත්තටම ගිත්මි ගැන ඇති උනේ දුකක්..... පව් පොඩි කෙල්ල....
" කටින් කියන දේවල් වලට වඩා දැනෙන්න අරිද්දි දේවල් ලස්සනයි කියලා අහලා නැද්ද??"
" ආ??"
" දැන් මට කියන්නකෝ ගිත්මි.... ඔයාට මුකුත්ම දනුනේ නැද්ද??"
" දැනුනේ??"
" හැම වෙලේම මං උඹව හොයාගෙන එනකොට.... මට හම්බෙන ටොෆිය පවා උඹට දෙනකොට..... වෙන උන් එක්ක උඹ මුකුලු කරද්දි මට තරහා යනකොට......අනිත් උන් උඹට බනිද්දි බේර ගන්නකොට..... උඹට දැනුනෙම නැද්ද බන්??"
" අක්කා........."
" සමහර දේවල් කෑ ගහලා කියන්න ඕනි නෑ නංගි...... උඹ එදා මට අර කොල කෑල්ල නොදුන්නත් මං දැනන් හිටියේ උඹ මට කැමති කියලා ...... මං මුලින් ඒක මග අරින්න හැදුවා...... මං පිලිගන්නවා ..... ඒත් උඹේ ඔය කණ්නඩි දෙකට යටින් තියෙන බෝල ඇස් මාවම හොයද්දී.... මං කොහොමද බන් උඹව මග අරින්නේ.... මං පොඩ්ඩක් හිනා උනත් ඔය කම්මුල් රෝසම රෝස වෙද්දි.... කොහොමද කියන්නකෝ මං මුකුත් දැනෙන්නෑ වගේ ඉන්නේ??"
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Romanceසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?