12 කොටස

424 33 6
                                    

ගිත්මි අද තමන් ලෑස්ති කර ගත්ත බඩු බෑග් එකත් එක්ක ආවේ ස්කෝලේ ඇතුලට. අද ඉඳල දවස් දෙකක් ශිෂ්‍යනායක කෑම්ප් එකක් තියෙනවා ස්කෝලේ... සිකුරාදා හවස තියෙන එක ඉරිදා හවස තමා ඉවර වෙන්නේ.... ඉතිම් ගිත්මි මේ ලෑස්ති වෙන්නේ කෑම්ප් එකේ ඉන්න ..

" පුතා එහෙමනම් පරිස්සමෙන් .... මදුරුවෝ කවාගන්න එපා...."

" නංගි අරහෙට යමු ....."

දේශිකා අක්කා ගිත්මියි අම්මයි ඉන්න තැනට ආවේ ගිත්මිව එක්කගෙන යන්න උනත් දේශිකා අක්කව දැක්ක ගමන් ගිත්මිගේ හිත ගැහෙන්න ගත්තා ... මොකද ගිත්මිගේ අම්මා ඉන්න නිසා...

" අහ් පුතේ නංගිව බලාගන්න හරිද... මෙයාට මේහෙම ඉඳල පුරුදු නෑ ....."

" භය වෙන්න එපා ඇන්ටි මං බලාගන්නම්...."

එහෙම කියපු දේශිකා අක්කා ගිත්මිගේ අම්මට හොරෙන් ගිත්මිට ඇහැක් ගැහුවා.....

" එහෙමනම් මේ අක්කා එක්ක ඉන්න ඕනි පුතේ..... මං ගිහින් එන්නම්...."

ගිත්මිව දේශිකාට බාර කරපු ගිත්මිගේ අම්මා එතනින් යන්න ගියා ...

" නරියටම ඇවිත් කුකුල් කොටුව බාර දුන්නා නේද??"

" ඔව් ඔව්.... සෝක් නරියා..... තව ටිකෙන් මගේ හාට් එකත් නතර වෙනවා..... "

" ඒ මොකෝ සුදු නෝනා??"

" ඔයා ගානක් නෑ වගේ ඇවිත් කතා කරේ....."

" ඉතිම් ඒ මගේ අනාගත නැන්දම්මනේ... කොහොමත් මට කතා කරන්න උවමනාවකුත් තිබ්බා..."

" ඒ උනාට ඔයා මාව භය කරානේ.... තාමත් හදවත හයියෙන් ගැහෙනවා..."

" මාත් බලන්නද අත තියලා......"

" අනේ ඉන්න ....."

දේශිකා අක්ක ඉදලා හිටලා මේ කරන විහිලු වලින් ගිත්මිව චෙරි ගෙඩියක් වගේ රතු වෙන එක තමා වෙන්නේ.... දේශිකා අක්කා මුලදි කිව්වා වගේ... එයා ආදරෙයි කියන වචනේ කිව්වේ හරිම අඩුවෙන්.... අනිත් හැම තැනකදිම එයා කරේ ඒ හැඟීම දැනෙන්න දුන්න එක .....

මොකක් හරි කපටි වැඩක් කරලා දේශිකා අක්කා තමන්ගේ එහා පැත්තෙම ගිත්මිට නිදාගන්න තැනක් හදලා තියෙනවා දැක්කම ගිත්මිගේ කටේ කෙලත් හිඳුනා....

Those Days ( ඒ දවස් )Where stories live. Discover now