ගිත්මි ඉක්මනින් අඩිය තියලා මේන් හෝල් එකට ගියේ කාටවත් සැකයක් නොහිතෙන්න..... ඒත් බ්‍රා එක තෙත් වෙලා නිසා ගිත්මි හිටියේ ටිකක් අපහසුවෙන් .....
"කෙල ගාන්න ඕනියෑ..... දැන් මට මේක මාරු කරන්නත් වෙනවනේ..... "
ගිත්මි දේශිකා අක්කට බැන බැනම මේන් හෝල් එකට ඇතුල් උනා..
" මොකද බං මෙච්චර පරක්කු..... මං හිතුවේ දෙන්නා හඳ පානෙම පැනලා ගියාවත්ද කියලා ......"
ගිත්මිව දැක්ක ගමන් සදුනි නෝක්කාඩු කියන්න ගත්තා ......
" එහෙම නෑ........."
" එහෙම නෑ..... තමා ....... මුන්ට උත්තර බැඳලම මට මහන්සි ......."
" අනෝ තැන්කිව් ...... ආදරෙයි නේ ඔයාට ......"
" අනේ අනේ මේ මං ඕවට නෑ..... උඹ හදන්නේ මට ආදරෙයි කියලා ..... අපේ අමාත්‍යාංශයේ හෙඩ් ගෙන් මට ගුටි ගස්සවන්නද??"
" දේශිකා අක්කා එහෙම නෑ අනේ....."
" ඒ උඹටනේ..... අපිට නම් ඉන්නේ දැන් මරන් කන්න සයිස් ලෙවල් එකේ....."
" එයා එච්චර නපුරු ද?"
" නැත්නම් ......."
" ඔයා වොශ් දා ගත්තද සඳුනි ??"
" නෑ මං ඔයා එනකම් හිටියේ යමුද??"
" හා ඉන්න මං ඇදුමක් අරන් එන්නම්....."
ගිත්මිලගේ ස්කෝලේ ෂවර් හයි කරලා තිබ්බා ඉතිම් හැමෝම වොෂ් දා ගත්තේ එතනින්.... ගිත්මි ඇඳුම් අරන් සඳුනි එක්ක වොෂ් දා ගන්න යද්දි දේශිකා අක්කලා වොෂ් දාන් එන ගමන් හිටියේ.....
ගිත්මිට කලින් උණ දේවල් නිසා දේශිකා අක්කගේ මූණ දිහා කෙලින්ම බලන්න පුලුවන් කමක් නෑ.... ඒ තරම් ගිත්මිට ලැජ්ජයි.....
" රෑට බ්‍රා එකක් අඳින්න එපා........"
ගිත්මි ගාවින් යනකොට දේශිකා අක්කා පාත් වෙලා ගිත්මිගේ කනට කරල කියද්දි ගිත්මිගේ ඇඟේ හිරිගඩු පිපුනා..... මොකද මේ වෙනකොට වෙච්චි දේවල් එක්ක ගිත්මි ඕනෑවටත් වැඩියේ රතු වෙලා තිබ්බේ....
ඒත් මොනා කරත් දේශිකා අක්කා කිව්ව විදියට යටට මුකුත් නොඇද ඉන්න ගිත්මි තීරණය කරා....
YOU ARE READING
Those Days ( ඒ දවස් )
Lãng mạnසමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?