09 කොටස

408 28 3
                                    

" මං නම් හිතන්නේ වැඩේ හරි කියලා ...."

වෙච්චි විස්තරේ ඔක්කොම ජනනිලට කිව්වම සඳලියි අයේශයිත් ඒකට එකඟ උනා......

" ඔයාලා එහෙම හිතනවද??"

" ඔව්....."

" එතකොට මං දැන් මොකක්ද කරන්න ඕනි??"

" උඹත් කැමති කියලා පෙන්නන්න ......"

" මං කැමති කියලා කිව්වනේ........"

" ඒ උනාට උඹ කේක් කෑල්ල කටට දෙකට කාලා දිව්වනේ........ අක්කා හිතුවද දන්නෑ... උඹ සෝමාලියාවේ සරනාගතයෙක් කියලා ......"

" හරි ඉතිම් මං හිතුවේ මං පුපුරයි කියලා ....."

" ආව්...... ආව්.......... කෙල්ලට ලැජ්ජා හිතිලා............"

" පලයන් යන්න ........ මං යනවා ඩියුටි..."

ගිත්මිලගේ ස්කෝලේ තියෙන්නේ ශිෂ්‍යය නායක පාර්ලිමේන්තුවක්...... ඒ කියන්නේ කතානායක, කැබිනට් මණ්ඩලයක් එක්ක ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ........ ඉතිම් මේ පාර්ලිමේන්තුවේ ගිත්මිට හම්බෙලා තිබ්බේ ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය....... එතකොට දේශිකා අක්කා හිටියේ ළමා විනය හා ආරක්ෂක අමාත්‍යාංශයේ ..........

දේශිකා අක්කලගේ අමාත්‍යාංශයට තමා ගේට්ටුව ළඟ ළමයින්ව චෙක් කරන්න තිබ්බේ........ ඉතිම් ගිත්මිගේ යාලුවා සඳුනිත් හිටියේ ඒ අමාත්‍යාංශයේම නිසා ගිත්මිත් නිතරම වගේ දේශිකා අක්කා ඩියුටි බලන තැනට යනවා ......

කාලය ගෙවිලා ගියේ දෙන්නම දෙන්නට ආදරෙයි කියලා දැනගෙන... ඒත් දේශිකා අක්කා තාම ගිත්මිට මුකුත් නොකියපු එකට ගිත්මි හිටියේ අවුලෙන්..... ඕක කිව්වනම් මොකද....... ගිත්මි හිතුවේ එහෙම.......

ඔය අතරේ තමා ගිත්මිලගේ පන්ති වලට අලුත් ගෑණු ළමයෙක් එන්නේ...... එයාගේ නම ශලනි.....

" මේ මට බඩගිනි මොනාහරි කන්න යමුද??"

" හා යං... ඊළඟට කොහොමත් තියෙන්නේ ලයිබ්‍රි නිසා ඒකත් ෆ්‍රී...... "

" ම්ම්ම්ම් යං මට බිත්තර බනිස් එකක් ඕනි......"

" මට නම් සෝයා බන් එකක් ........"

ජනනි ගිත්මිගේ පන්තියට ඇවිත් ගිත්මිවත් එක්කන් අයේෂයි සඳලියි එක්ක පහළට ගියා...... ඒත් කැන්ටිමට හැරෙන පාරට ගියපු ජනනි ආපහු ඒ වේගන්ම ආවා......

Those Days ( ඒ දවස් )Where stories live. Discover now