" කෝ ඕක දීපන්කො මෙහාට්ට...."
" බෑ බෑ ඒක මම ලියනවා...ඕන්නම් මේ කොලේ ගනින්..."
" තෝ.... අවලමා...."
මම යනකොට එතන එකම කාලගෝට්ටිය.....
සෙට් එකම හෝම්වර්ක් කරල නැතුව කරන්නෙ දැන්.... සර් එන්න තව වෙලා තියනවා....මුන් ඉස්සරහ ම ඉඳගනත් හෝම්වර්ක් කරල නෑ.... මම දැක්කෙ නෑ වගෙ එතනින් යන්න ගියා....
කිව්වායි කියල වැඩක් නෑ නෙ ඉතින්....
ඔන්නොහෙ කරගන්න දෙයක් කරගත්තුදෙන්....
කොපි කරන එකෙ තරහ මම පේපර් බලන දවසට පිරිමහගන්නවා....
ආය ඩෙස් පේළිය ගාවින් හැරිලා මම කැමරා තියන තැනට එන්න ආවා....මෙතන ඉන්න බෑ වැඩි වෙලා.. ඒත් අතන ඉන්න එක ඊට වඩා අමාරුයි.....
" අඩො මේ ඈම්ප් එක ගහපන්..." තෙනෙත් මගෙ අතට වයර් සෙට් එකක් කලබලේ දුන්නා....
" කොහාට්ටද.."
" ගහගනින් තොගෙ..... අනෙ ඕයි මන් කියන්නෑ උඹට .....දියන් ඕක මෙහෙට.... "
" ඉතින් කොහොමත් ඕක උඹෙ වැඩක් නෙ "
" ඒකත් ඇත්ත ...."
" ප්‍රොජෙක්ටර් සෙතුන් එන්නැද්ද අද "
" නෑ නෑ ඌ එන ගමන් කිව්වා...."
" ආහ්..."
" වරෙන් කො අපි එදා වගේ කැමර් එක ධීරව් මල්ලිට අල්ලලා සූම් කල්ලා බලමුද..."
" පිස්සු ද..මේ නන්ගිලා බලන් ඉන්නවා.දැක්කොත් එහෙම විනාසයි..."
" තොට ළඟට ගිහින් එබිකම් කරන්න හොඳයි....."
" ඌ එහා පැත්තෙ එකාගෙන් හෝම්වර්ක් කොපි කරනවා....ඉඳපන් කො මන් හොඳ වැඩක් කරන්න..."
" අමො අමො.... චූටි අයියාට තරහ ගිහින්...."
" වැඩක් බලාගනින් පගො...."
මම එතනින් ලිස්සලා ආවෙ තවත් ඔතන හිටියොත් කෙල්ලො ඕව අහගන ඊට පස්සෙ වෙන මගුලක් වෙන්න ගොඩක් ම ඉඩ තියන නිසා.....
මම කියන්නේ...
ඔය කෙල්ලො නිකම් එතන නෑ වගේ රබර් කන දාන් ඕව අහන් ඉන්නේ...මම මගෙ ඇස් දෙකටම දැකලා තියේ.......
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...