" හෙලෝ...."
"............."
"ඔව් සර්.....මම තමයි..."
"............."
"ඔකේ සර් විල් අයි කම් නෙක්ස්ට් මන්ඩේ සර් ?"
"................"
" යස් සර්....ඇක්චුවලි නොට් යෙට් සර්...."
"............"
" ශුවර් සර් තැන්ක් යූ....."
මෙච්චර වෙලා කා එක්කදො කතා කර කර හිටිය ධීර් කෝල් එක කට් කරපු ගමන් බැලුවේ මගෙ දිහා...
" ධීර්...?"
"අයියේ......ජොබ් එක.....ඒක හරි.... ලබන සතියෙ ඉඳන් එන්නලු වැඩට... පරක්කු කරන්න බෑ යි කිව්වා...."
" කොහෙ එකද මාස් එකෙ ද බ්‍රැන්ඩික්ස් එකෙද"
"නෑ එස් එල් ටී එකෙ ..."
" ම්ම්ම්...වෙලාවෙ හැටියට එහෙම හරි ලොකු දෙයක්.... අරවගෙන් තාම කතා කරපු නැති එකෙ අපිට ඒව ගැන ශුවර් එකක් තියාගන්නත් බෑ නෙ ධීර්.....අනික රිසාල්ට්ස් අවුට් වෙන්නත් තව කල් යාවි .... "
" ම්ම්ම්.... මට සෙනසුරාදා වත් යන්බ වෙයි නේද අයියේ කොළඹට..."
" හම්ම්.....යමූ....මාත් එන්නම්...අපෙ බෝඩිමේ ඉමු...ම්ම්ම්"
" අයියේ...."
"ඇයි~ ම්ම්ම්හ්...?"
" මම කොහොමද අයියලා එක්ක ඉන්නෙ "
"ඇයි උඹ මීට කලින් අපි එක්ක ඉඳල නැද්ද " මම ඇහුවෙ ටිකක් සැරෙන් ද මන්දා... මම තවමත් හිටියේ ධීර් ගෙ ගෙදර සෙටියේ....
" මට ජොබ් එක එක්ක සෙට්ල් වෙන්න ටිකක් කල් යාවි නෙ අයියේ... "
" ධීරව්.... උඹ ඇයි ඔය හිතෙන් හිතන්න අකැමැති උඹ ඉන්න හැම තැනම මමත් පැත්තකින් හිටගන ඉන්නවයි කියන එක....ම්ම්ම්හ් ? ඇයි ධීරව්... ඇයි උඹට බැරි මම උඹ ළඟ ඉන්නවා කියනෙක දිරවගන්න... ?"
" අයියේ..... මම එහෙම හිතාගත්තාමයි කියමුකො...ඒත් අයියාත් අසරණ උන දවසක.....එදාට මොකද වෙන්නෙ.... ?"
" මම අන්ත අසරණ උනත් උඹ ගාව ඉන්නයි ඕන.... "
" නෑ... අපි දෙන්නට දෙන්න ඉමු.....ඔයාට මම වත් මට ඔයා වත් නෙමේ ඔයාටයි මටයි ඔයයි මමයි... "
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...