හදිසියේම ආරංචි වුණු මළ ගෙදර නිසා ධීරව් ඇඳුම් දාගන ආව බෑග් එකටම ආයම ඇඳුම් ටික පුරෝගන අප්පච්චි ටත් හෙට ආයම නුවර යන්න වෙන බව කල්තියා කියලා තිබ්බා... හවස වීඩියෝ කෝල් එකක් ගන්නම් කිව්වත් කරටත් උඩින් වැඩ වල එරුණු අධිල් ට ආයමත් කෝල් කර කර කරදර කරන්න ඕන නැති නිසා ෆේස්බුක් එක පැත්තේ රවුමක් දැම්ම ධීරව් ට අලියෙක් බිත්තර දාපු AI ෆොටෝ එක්කට මිනිස්සු දාලා තිබ්බ කමෙන්ට්ස් නිසා අදට ෆේස්බුක් කියා ඇති කියලා හිතුනා....
දහයට විතර මෙහෙන් පිටත් වෙන්න හිතාන ධීර් ඇහැ පියාගත්තේ ඩේටා ඔන් එකේ තියාන....මොකද වෙලාවකීය වුණත් අධිල් ගෙදර ගිය ගමන් ආපිට ට කෝල් කරනවා කියන්න ධීරව් දන්නවා....
වෙලාව කීයද කියලා නිනව් නැති යාමෙක ධීරව් දාඩියත් දමාගන ඇහැරුනේ ෆෑන් එකක් වත් නැති කාමරේ ජනෙල් ඇරලා නිදාගන්න අමතක වුණු නිසා... ඒ එක්කම ෆෝන් එක හිටු කියලා වයිබ්රේට් වෙද්දී ධීරව් ෆෝන් එක අතට අරන් බැලුවා..
එකයි පහයි..!!!
වට්ස් ඇප් ෆේස්බුක් ටෙලිග්‍රෑම් හැමේකෙන් ම හෝ ගාලා නොටිෆිකේශන්ස් එත්දී ධීරව් නොටිෆිකේශන්ස් සයිලන්ට් කරලා වට්ස් ඇප් එකට ගියා.. ගෲප්ස් හැමේකෙම දවල් වරුවක වගේ චැට් එක....
රිසාල්ට්ස් අවුට් කරල !!!
තව විනාඩි පහළවකින් විතර බලන්න පුලුවන් කියලා කියත්දී ධීරව් ගැහෙන පපුවට අත් දෙකෙන් ම මිට මොළවාගන ගහගන්න ගමන් ටවල් රැක් එක ගාවට ගියේ ඊයෙ ඇඳන් ගිය ට්‍රවුසර් එකෙ පිටිපස්සෙ පොකට් එකේ තිබ්බ වොලට් එක ගන්න...ඇඩ්මිශන් නම්බර් එක ඒකෙ නෙ...
මුල් කාලෙ සාමාන්‍යයෙන් වැඩ කලාට එක්සෑම් එක කට ළඟ තියාගන කාපු දඩාර බූට් එක නිසා ධීරව් හිතාගන්න බැරි විදියට පල්ලැහැට වැටුනා... ඒත් ඒවා නිදහසට කාරණා නෙමෙ..මොකද මේ ධීරව් ගෙ ජීවිතේ.... නිදහසට කාරණා හෙව්වනම් ධීරව් හැමදේම අතෑරලා හුඟක් කල්.....
I'm not a robot කියන එකේ පාත්තයොයි තාරකා මාලුවොයි තෝරලාම ම ධීරව් ට හොඳ ගණන් !!!
අන්තිමේ සයිට් එකට ලොග් වෙත්දී පාන්දර එකයි හතළිහයි... රිසාල්ට්ස් පෙන්නනකම් ම ධීරව් ගෙ පපුව කම්මලක් ගානට වෙද්දී අන්තිමේ රිසාල්ට්ස් පෙන්නුවා...
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...