12 වන දිගහැරුම

299 16 3
                                    

වැහි බර අඳුරු ගතිය එක්ක ඝන මීදුම පොළොවටම බැහැලා තිබ්බේ ඇඟේ රෝම කූපයක් ගානේ කෙළින් කරවන විදියේ සීතලක් ගෙනත් දෙන ගමන්.... තලයක් වගේ අතු විහිදගත්තු තද කොළ පාටින් හැමතැනම වැහිලා ගිහින්..... වැස්සත් එක්ක තද පොළොව තෙමද්දි දැනෙන සුවඳ හිතේ පැලපදියම් කරලයි තිබුණේ මේ වෙද්දී.... ඈතින් කොළ පාට නාමයක් ගෑවිලා නැති කහ ගැහුණු මල් පිරිච්ච සද්දන්ත ගසෙන් මල් වැටෙන්නේ එක දිගට.... දෙයියනේ ! එහෙමත් මල් වැස්සක් !!! ...... හීතල හිරිකඩ වැස්ස අස්සෙ තෙමෙන මල් වැස්සක්.... පුදුමෙ කියන්නෙ ඒ මල් වලට ගානක් වත් නෑ අච්චර වහිද්දිත් වැහි කඳුළු බර වගට ...... හිරිකඩක් වෙලා තිබ්බ පින්න එන්න එන්න දොඹ ගෙඩි තරම් ලොකු වැහි බිංදු වෙද්දිත් ඒ දඩාර මල් ගස කලේ වැස්ස පරයන්න වගේ තව මල් හලපු එක....  

වෙනදා "සරසවි පෙම්වතුන් " කියලා හඳුන්නපු ජෝඩු උඩට මල් වස්සපු බවට සාක්කි පේන්න තියන මල් ගහ වටේ බිම අද මල් පිරිලා කිසි ම පයකට නොපෑගී අලුත් පිටම තියෙනවා ඈතට උණත් මට පේනවා.... පාලුවට ගිය කැම්පස් පාරේ තාමත් පාලුවට නොගිය දඩාර කහ මල් ගහ කිසි වගතුවක් නැතුවම මල් හලන්නේ වෙනදාටත් වඩා නිදහසෙන් ද මන්දා....

මේ වෙලාවට හොඳ මොනවද මම ගාව ඒ හැමදේම තිබ්බා....මට දැනුනෙම මම පරිපූරණ මනුස්සයෙක් වගෙ.....හරියට සනීප හොට් වෝටර් ශවර් එකක් දාලා ...බඩ පිරෙන්න දවාලට ආසම කෑමක් කාලා සුවඳ ගහගන ෆෝන් එකත් ෆුල් චාජ් කරන් කාමරේ දොරත් වහගන ස්ප්‍රින්ග් මෙට්‍රස් එකක් තියන ඇඳ උඩට ඔහේ වැටිලා ඩේටා ඔන් කරනකොට දැනෙන ෆීලින්ග් එක වගේ ! ඉතින් මම කිය කිය හිටියේ.... මේ වෙලාවෙත් මට අන්න ඒ වගෙ ෆීලින්ග් එකක් දැනුනා.. මම ආසම කෙනා එක්ක , කාම් , කොසී එන්වයරන්මන්ට් එහෙක , වෙහිකල් එක ඇතුළේ , වතුර බිංදු එක්ක මීදුම බැදුණු වින්ඩ්ස්ක්‍රීන් එකෙන් ඉස්සරහ පේන කහ ම කහ පාටින් හතර අත පාට වුණ මල් ගස් දිහා බලාන විතරක් නෙමෙ.... උණු ම උණු හොට් චොක්ලට් එකක් එක්ක මේ දැන් පෝරණුවෙන් බෑවා වගේ පේන පේස්ට්‍රීස් ටිකක් ළඟ තියාන...... විතරක් නෙමෙ..... ලාවට ඇහෙන හිත අතරමං කරන සින්දුව පවා.... මට පුදුමාකාර මිල කරන්න බැරි ෆීලින්ග් එකක් ගෙනත් තිබ්බා...

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now