22 වන දිගහැරුම

180 8 3
                                    

අම්මා කිව්වෙ ආධිල් ට ආදරේ කරන්න එක්කෙනෙක් ඉන්නවා කියලා !!! ඔව් ඒ එයා තමයි.... ධීරව් ගෙ ඇස් වල කඳුළු ආපිට ට අලුත් වුණා...

දෙයියනේ...මේ මනුස්සයා .....

අම්මා ගිහින් ටික වෙලාවකින් ආධිල් ට සිහිය ආවා....

                              ධීරව් ගෙ රූපේ දැක්ක ගමන් සැනසීමෙන් හිනාවක් දුන්නූ ආධිල් ආයම ඇස් පියාගත්තා...කතා කරන්න බැරුව ඇති...එයාට මහන්සී.... දවල් වෙද්දී ඔක්සිජන් මාස්ක් අයින් කරලා අධීල් ව කම්ෆර්ටබල් විදියට තියන්න ඩොක්ටර්ස් ලා අවසර දුන්නා... ඒත් ආයම ආධිල් ඇස් අරිනකම් ධීරව් ට ගෙ ඇස් වලට නිවනක් නැතිකොට ධීරව් ඒ මූණ දිහා ම බලාන හිටියා..ඒ අතරේ තෙනෙත් ආරව් මාරුවෙන් මාරුවට ඉඳලා මළ ගෙදරගියා.......  

            ධීරව් ට පහුගිය ලස්සන දවස් ටික මතක් වුණා..... කෝපි වලට අකැමැති කෝපිකාරයා..!!!!  තමන්ගේ හාදු හොරකම් කරත්දී..... තොල් වලට තොල් තද කරලා එකක් ගානේ හැඟීම් අවුලන ආදරවන්තයා .. එයාලා ලස්සනට පහුගිය දවස් ටික වින්දා...

බලාන ඉඳලා ඉඳලා යන්තම් ආයම දවාලෙ දෙකට ලං වෙලා ආධිල් නැගිට්ටේ....  ධීරව් ව දැකලා කතා කරන්න ආධිල් කට හදාගන්නවත් එක්කම ධීරව් අතක් ආධිල් ගෙ තොල් උඩින් තිබ්බා

" කතා කරන්නෙපා ඔයාට මහන්සී..."

ආධීල් හිනා වෙලා අහක බලාගත්තා... මේ කොල්ලා හිත කරදරෙන් ඉන්දැත්දී මොන තරම් ලස්සනද !!!!

මුලින් ම සිහිය එත්දී හරිහැටි සිහිකල්පනාවක් නොතිබ්බාට ආයම නැගිටිද්දී  ආධිල් ධීරව් ව බලාපොරොත්තු වුණා... ඒ කියන්නේ එයා කලින් දැක්කේ හීනයක් නෙමේ!

                දරාගන්න බැරි තරම් වේදනාවකින් ඇඟ ඇදුම් කත්දීත් ආධිල් ගෙ හිතට සැනසීමක් ආවේ ධීරව් ව දැක්ක නිසා.. කොන්ද අවුලුවාගන බඩ දෙපැත්තට ආව කැක්කුම කාගන අල්ලන් හිටියට දැන් දැන් ආධිල් ට තරු විසිවෙන ගණන්....  ධිරව් ගෙ ආදරණීය පිරිමැදීම් මොහොනකට හරි සහනයක් ගෙනාව එක ලොකු දෙයක් විදියට ආධිල් ට දැනුනේ....

ඒ එක්කම දොර ඇරන් ලොකු තෙනෙත් එක්ක ආවා..

" ආ මේන් මහපගය නැකිටලා.... තො අපිව පණපිටින් මරාගන්න තමා හදන්නේ ඔය.."
තෙනෙත් විහිලුවට වගේ එහෙම කියල දැම්මත් ඇස් වලින් කඳුළු එකයි..... ආධිල්ගෙ හිතට හරි නෑ...තමන් හන්දා අනික් මිනිස්සු දුක් විඳිනවා...ඒත් එක අතකින් මේක තමන් හිතලා කරගත්තු දේකුත් නෙමේ නෙ....

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now