23 වන දිගහැරුම

350 19 22
                                    

" දැන් වත් නිදාගනින් **තෝ... මහන්සි නැද්ද...තෝ එක්ක නිදිමරල මටත් මහන්සී...බැහැයි දෙයියනේ කියලාඋඹ නිසාම මට ක්ලාස් එකක් හම්බෙන්නත් බැරි නෑ...."

" උඹ නිදාගනින් .....මම යනව "

" ආය කොහෙ යන්නද ......ගියාට කමක් නෑ කාලා පලයන්.... බලහන් ඇඟේ හැටි ඩයබිඩික්ස් ආව කටුස්සෙක් වගෙ.."

"රෙයාන් !!"

" තොගෙ මල්කුමාරයා පව්. "

" අනෙ මේ...!"

" ආන්න සාන්වි එනව.....ආදෙන්කො මස්සිනේ ගාගන...." ධීරව් ට ඒකටනම් හිනා නොවී බැරිවුණා...

අවුරුදු හතරක්......යනවා වත් දැනුනේ නැති අවුරුදු හතරක්......!! හීනයක් වගේ අවුරුදු හතරක කිව්වත් වගේ ම හැමදේම වෙනස් වුණාටත් වඩා වෙනස් කරගත්තා... එදා හවස හොස්පිට්ල් එකෙදි ආධිල් ගේ පෙම්වතා ධීරව් කියලා දැනගත්තාම අම්මා ගොඩක් කලබල වුණා මොකද අප්පච්චි අධිල් ට ගහන්න බැරිකමට ඒකෙ වාඩුව ගත්තේ ධීරව් ගෙන්....' මූ මොනාද මේ නටන නාඩගම !' අප්පච්චි ධීරව් ට ගහපු කනේ පාරේ සැරට තොල් පලාගන ලේ ගලත්දීත් ආධිල් හිටියේ හරිහැටි සිහියකින් නෙමේ..

අධිල් ට කැම්පස් යන වැඩ වීල්ස් චෙයා එකක ඉඳන් කරගන්න බෑ කියලා අධිල් ප්‍රයිවට් ඩිග්‍රී එක්කට මාරු වුනා...ඉගෙනගත්තුවා අපතේ යවන්න බෑනෙ !! තමන් ආසම කරන දොස්තර කෙනෙක් වෙන හීනේ ට ධීරව් පාට ගෑවාම අධිල් ට දැනුනේ පුදුමාකාර සතුටක්.... ඒ අවුරුද්ද තමා අවුරුද්ද!!! ධීරව් හැමදේම කරගන්න ගමන් ආරව් එක්ක අධිල් ව කොළඹ තියාගන බලාගත්තා... ධීරව් මහන්සි වෙලා රැයක් දවාලක් නැතුව පාඩම් කරද්දී ආධිල් ධීරව් ගාවින් හෙලවුණේ වත් නෑ....

හිටි ගමන් දවසක උණ අරන් වැඩ වැඩිකමට අසරණ වුණු ධිරව් ට සැර දාලා යන්තම් නිදාගන්න ඇඳට යැව්වාම ධීරව් ෆෝන් එක ළඟ තියාගනත් හොරෙන් පාඩම් කළා... අන්තිමේ සකන්ඩ් ශයි එක රෑන්ක් එකක් එක්ක උඩින් ම පාස් වුණු ධීරව් කොළඹ කැම්පස් එකටම තේරුණේ එයාලාගෙ ජීවිත වලට වසන්තය ඇවිත් කියන ලැබුණු ඉඟියත් එක්ක.....

ධීරව් ආධිල් ව බලාකියාගන්න විදිය , ඒ දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න විදිය දැක්කා ම අප්පච්චි ගෙ හිත මෙළෙක් වුණා.. අප්පච්චි හැමතිස්සේම දැක්ක ධීරව් ගේ අනන්ත උත්සාහවන්ත කම නොදැක්කා වගේ ඉන්නෙ කොහොමද !!! දැන් කැම්පස් එකෙ හතරවෙනි අවුරුද්ද....ආරව් කළුබෝවිල හොස්පිට්ල් එකේ වැඩ කරලා කොළඹට මාරුවුණේ ගිය සෙනසුරාදා.. පහන් ඕස්ට්‍රේලියා වල මොලිකියුලර් ඩිග්‍රී එක කරලා ගිය අවුරුද්දේ ග්‍රැජුවේට් උනා. ආරව් ග්‍රැජුවේශන් එකට යන්න ආසාවෙන් හිටියත් යන්න බැරිවුණේ හොස්පිට්ල් එකෙ වැඩ කර උඩටම ගොඩ ගැහුණු හන්දා දැන් පහන් ඔටෝ මොබයිල් ඉංජිනියරින්ග් එක්ස්ටර්නල් කෝස් එකක් කරන ගමන් ඉන්නේ... මේ දෙන්නා ගෙ ලෝන්ග් ඩිස්ටන්ස් රිලේශන්ශිප් එක ගලාගන යන විදිය හරිම ලස්සනට ධීරව් දැක්කේ.. හැමදාම' අපිට ඔය පවුල් පන්සල් වෙන අමාරුකම් නෑ නෙ ' කිව්ව තෙනෙතුත් ධීරව් ගේ යාලුවෙක් වෙච්ච සාන්වීගෙන් අන්තිමේ ආස්ක් අවුට් කලේ ගිය අවුරුද්දේ... දැන් ඒකත් හරි!!!

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now