18 වන දිගහැරුම

199 10 5
                                    

" තේ බොනවද ? .. චූටි තමුසෙ තේ බොනවද..මස්සියා... තේ බොනවදෝඕඕඕඕඕහ්?"

"........."

"කතාකරපල්ලකො හු##  එකෙක් නෑ මීක් ගාන්න.... "

" අහ්.. ඕ....ලොකු අයියේ... සුදු කිරි ඈ...... "  ධීර් බාතෲම් එකෙ ඉඳන් කෑගානවා ... මම හිටියේ කාමරේ... ඇඳන් උන්නු සරමත් කැහපට ගහන් ඇඳෙන් නැකිටලා මම කුස්සිය පැත්තට ගියා...

" මටත් හදපං....ප්ලේන්ටියක්...."

" කන්න මුකුත් නෑ හරිද "

" කමක් නෑ හදපන් "

" කඩේට ගිහින් ගෙනෙන් කෝ.... කන්න මුකුත් නැතුව උදේට තේ බොන්න පුලුවන් උනාට හවසට බෑ බං....."

මම ආයම හැරිලා එතන ම පුටුවෙ තිබ්බ ලොකූ ඇඳන් උන්නු ශර්ට් එක දාගන  දොරකොඩටත් ගියාමයි මතක් උනේ සල්ලි ගන්න අමතක උනා කියල...

" ලොකූ.....සල්ලි දීපාන්.... " මම කෑගන්නෙ නැතුව ඇහෙන තරමෙ සද්දෙකින් කතාකලා...

" කඩේ යන්නෙපා.චූටිඅයියේ.. මගෙ බෑග් එකෙ ඇති පාර්සලයාක්....ඒක ග.නී........න්....න්.....න්.... " ශවර් එකෙ සද්දෙට යට ගිය ධීර් ගෙ කටහඬ ආයම ඇහුන නිසා කන්න මොනාහරි තියනව කියල තේරුම් ගත්තු මම ආය ගෙට ආවා...

එහෙම්ම වේවැල් පුටුව උඩ තිබ්බ ධීර් ගෙ ඔෆින් බෑග් එක අවුස්සලා මම හොයාගත්තෙ සමෝසා පාර්සලයක්....තව ක්‍රීම් කැකර් එකකුත්....මූ හම්බෙන හම්බෙන සතේ ඉතුරු කරන්නැතුව දිය කරනවද !......

මම බෑග් එක පිටින් ම කුස්සියට අරන ගිහින් තේ එක අරන් හිරමන බංකුවේ වාඩි වෙද්දී ධීර් නාගන එලියට ඇවිත් හිටියා

අපි කොළඹ ආවෙ දැන් සති දෙකකට විතර කලින්.... අවුරුදු නිවාඩුවෙන් පස්සෙ.. අවුරුද්දට ධීර් කුරුණෑගල ඉන්න ලොකුඅම්මලා ගෙ දිහා ගියේ අප්පච්චි එක්ක ටිකක් ඉන්න ඕන කියලා..ම් ඒ මනුස්සයාත් තනියම නෙ.. ඉතින් ධීර් අවුරුද්දට හිටියේ එහෙ... ගිය සතියෙ මැද දවසක  ධීර් ලා ගෙ ගලහා තිබ්බ ගෙදර තේ ෆැක්ටරියක දළු ඉස්ටෝරුවකට අරන් තිබ්බා.. අක්කා ගෙ මිනිහා ගේ බදු දීලා... ඕවාට හිත අවුල් කරගන්නවත් වෙලාවක් නැති තරමට ධීර් ට වැඩ තිබ්බා.. එහෙන් ඉංග්ලිශ් කෝස් එකට ඔන්ලයින් යනවා.. උදේ අටට ජොබ් එකට ගිහින් එද්දී හතර හමාර පහ වෙනවා..ඇවිත් සතියට දවස් දෙකක් අර ක්ලාස් එකෙ ඉන්නව.. ක්ලාස් නැති දවසට තව ඔන්ලයින් ජොබ් එකක් කරනවා... අපි රෑ පාඩම් කරනකම් ධීර් ඇහැරන් ඉන්නවා අපි දෙන්නටම තේ හදලා දෙනවා... ගිය ටිකේ එක්සෑම් තිබ්බ හන්දා යි වයිවා වල වැඩ නිසයි නිවාඩු ඉවර උන ගමන් ප්‍රොෆෙසර්ස් ලා සේරම ඔලු කන්න ගත්තු නිසයි අපිට හරිහැටි වෙලාවක් යනවා වත් දැනුනෙ නැති තරම්.... අපි හැමෝටම හරිහමන් හුස්මක් කටක් ගන්න පුලුවන් උනේ ඊයෙ... ඉරිදා දවස් වල ත් ධීර් වැඩට ගිහින් වැඩිපුර ගානක් හොයාගන්න දවස් තියනවා.. අපි කොච්චර මහන්සිවෙන්නෙපා කිය කිය බැන්නත් එයාට ගානකුත් නෑ මහන්සියකුත් නෑ .... ධීර් අපෙ කැම්පස් එකෙ යාලුවො සෙට් එක එක්කත් හොදට ෆිට්..ඒත් ඒ කිසි කෙනෙක් දන්නෑ ධීර් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියන්න..... දවස් ගානකට පස්සෙ නිදහසක් හම්බුනත් ලොකූ ආයම තව ටික්කින් එයාලගෙ ගෲප් ප්‍රොජෙක්ට් එක්කට ගම්පහ යනවා.....මෙතුලත් එයාගෙ ගෲප් එකෙමයි... අපි නම් ඔය පිට යන ප්‍රොජෙක්ට් කරන්නැති හන්දා අපට මහන්සි වෙන්න දෙයක් තිබ්බෙ නෑ ඉතින්.... දැන් එයාලා අද ගිහින් කොහෙහරි නවතිනවා කිව්ව නිසා මමයි ධීර් යි කඩෙන් මොනාහරි කනවා කියලා හිතාගත්තා.. තේ එක බීලා ඉවර වෙද්දී ලොකූ ඇඳගන ... මේක තමා කොල්ලන්ගෙ තියන විශේෂ හැකියාව... එහෙ බලලා මෙහෙ බලද්දී ඇඳගන ඉවරයි ඉතින් ....... හයට දහයයි වෙලාව...!!!

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now