අද ක්ලාස් එකෙ එකම කලබලේ...ක්ලාස් එකෙ කොච්චර කරක් ගැහුවත් ස්ටේජ් එකට නැග්ග පළවෙනි වතාව මේක......මට එහායින් අයියා ඊටත් එහායින් තෙනෙත්.. ඊටපස්සෙ වර්ශා, පහන්මා, දෙව්නි , මියුරු , කවිශ්ක .... එහා කොනටම යනකම් තව නොදන්න ළමයිනුත් ඉන්නව.....ස්ටේජ් එක පිරෙන්නම....
කොහොමත් රෑන්ක් එකක් තියන නිසා මටයි අයියාටයි තෙනෙත් ට යි කතා කරන්නම වෙනවා...
මොනාද කියන්නෙ එදිනෙදා වැඩ එදිනෙදාම කලා කියනවද.....
ඊක්කා.....
ඒක හරියන්නෑ
" හරි අයියා කතා කරලා ඉවර නිසා මල්ලිටත් කතාකරන්න කියමු...මේ ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික් දෙවන කුසලතාවය ගත්ත අයියා...ආරව් විදානපතිරණ "
මම ආරව් නෙමේ සර් අධිල්....
මම හිත යටින් කෑගැහුවා.
ඇයි යකො....මාවයි අයියවයි පටලගන.......
අයියා නෝන්ඩි හිනාවක් දාලා මගෙ අතට මයික් එක දුන්නා.....
" ම්ම්ම්.....මුලින් ම මම අපෙ සර් ට ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා අවස්තාවක් මට දුන්න එකට ..ඒ වගෙම....ආරව් කියන්නෙ අයියා...මම අධිල්....සමාවෙන්න සර්.."
( පන්තියම සද්දෙට හිනා වෙන්න ගත්තා.....)
" ම්ම්..... කොහොමවුණත්.......මම එක්ක එකට පාඩම් කරපු අනිත් දෙන්නම මේ ස්ටේජ් එකෙ අද මම එක්ක හිටගන ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි..... වැඩ කරන විදිය ගැන හැමෝම කිව්ව නිසා වගෙම තවත් අය ඒ ගැන කියන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා මම වෙනම දේවල් ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා...
පැය පහක ක්ලාස් එකක ඉඳගන ක්ලාස් එකෙ කියන ටික අහන් ඉන්නව කියන්නෙම ....උඹලාට ඉගනගන්න ඕනකම තියනව කියන එක.....සමහර අය ඇති මෙතන මහා පාන්දර ඉදන් පන්ති එන , කන්න බොන්න ටික වත් බලන්නෙ නැතුව මේකෙ ඉගනගන මහන්සි වෙලා ගෙදරයන..... ඔයාලාගෙ දෙමව්පියෝ ඔයාලා දිනනකම් බලාන ඉන්නවා...
එයාලගෙ මහන්සියට සාධාරණයක් කරමු...බෑ හිතෙනව තමයි....නිදිමතයි , කම්මැලී ඒවා සේරම හරි.... ඒත් උඹලා පොඩිවුන් නෙමෙයි.......මම ඕනතරම් දැකලා තියනවා සමහර නන්ගිලා මල්ලිලා උදේ වරුවෙ පන්තියට ඉඳලා එම්සීකිව් එක ගහන්නෙ නැතුව ගෙදර යනවා....උඹලගෙන් පේපරේට සල්ලි ගන්නෙ නෑ නෙ....පේපරේ ලියල පලයල්ලා.. පැය දෙකක් ඉන්න එක මහදෙයක් නෙමෙ....ඒ පැය දෙක උඹලා කැපකිරීමක් කරල නොහිටියොත් ඉතුරු ජිවිත කාලෙම සිද්ධ වෙන්නෙ දුක් විඳින්න....
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...