7 වන දිගහැරුම

298 20 3
                                    

කාලෙ යනවා දැනුනේ නැහැ... මම කැම්පස් ඇප්ලයි කලා ....ඒ ගමන් ප්‍රයිවට් බෑන්ක් එහෙක ජොබ් එක්කට ගියා අයියා ඉන්ස්ටිටියුට් එකක ටියුශන් පටන් ගත්තා ඉන්ස්ට්‍රක්ටින් වැඩත් කරගන කාලෙ ගතවුණේ හරිම ඉක්මනට ....

අන්තිමේ කැම්පස් ආවා...

කොළඹ ....

කොළඹ මෙඩිසින්...

රෙජිස්ට්‍රේශන් තියනකම් ඉත හැකි..... ඒ ටික දවස හරි ධීරව් ගාව ඉන්න පුලුවන්...ඇත්තටම පේරා ගියොත් වෙන්නේ පන්ති ගියා වගෙ උදේ ගිහින් හවස ගෙදර එන එකමනෙ....වෙනසකටත් එක්කමයි මම කොළඹට යන්න හිතුවේ... අයියා ත් කොළඹ .... තෙනෙත් පේරා......උට ගෙදර පොඩි පොඩි ප්‍රශ්න නිසා දුර ඉන්න අමාරුයි කිව්වා.....

කැම්පස් එනකම් ධීරව් ට පුලුවන් විදියට උදව් කලා මම...

අන්තිමේ උපන් ආලය හිතේ තියාගන ම මම නුවරින් එන්න ආවා.... හැමවෙලේම ධීරව් ට කතා කරන්න හේතුවක් හෙව්වා....

ඒත් එහෙම හේතු නෑ....

ධීරව් හැන හොයන්න බලන්න මට තිබ්බෙ හේතු විරහිත වුවමනාවක්...

" මෙතන ඇති දැනටමත් ප්‍රී මෙඩ් කෝස් කරල ම ආව අය ... එහෙම නැති අයත් ඇති..ඒත් මෙතන ඉන්න හැමෝම මෙරිට් දාපු අය....ඔයාලා හැමෝටම අපි මුලින්ම විශ් කරනවා ඔයාල අද ඉඳන් පටන් ගන්න මේ ලයිෆ් එක සක්සස් කරගන්න ලැබෙන්න කියල...

බැජ් එකක් විදියට ගත්තම ඔයාලා කාටවත් නෑ ඔයාලගෙ බැජිමේට්ස් ලා ව අතෑරලා තනියම ඔයාගෙ ගමන යන්න... ඔයාලා එක්කෙනාට එක්කෙනා උදව් කරගන්න ඕන...සෙමෙස්ටර් එක්සෑම්ස් , එන්ඩ් එක්සෑම්ස් වලට බැට් තියනවා බැට් වලදි පුලුවන් එවුන් උදව් කරපල්ලා බැරි එවුන් අහගනිල්ලා...එහෙම කරලා ගොඩ ට යමල්ලා.. මේකේ විඳින්න වෙන්නේ එසේ මෙසේ දුකක් නෙමෙ...උඹලා එකාට එකා නොහිටියොත් කාටවත් අනාගතයක් නෑ...

ඒ වගෙම....මෙතනින් මාස තුනක් යනකම් ඔයාලට සීනියර්ස් ලගෙ රැග් ලැබෙනවා.. ඒත් ඒ ඔයාලා බලාපොරොත්තු වෙන ජාතියෙ රැග් එකට හාත්පසින් ම වෙනස් එකක් ...බලමු අපි ඉස්සරහට වෙන දේවල්...හැමෝම තමන්ගෙ උපරිමය කරන්න ගුඩ් ලක්.."

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now