" මට මොනාහරි ඕන...!"
" ඒ මොකටද ?"
" ඕන ඉතින්...මම වගේ එක්කෙනයි නෙ මේ ලෝකෙටම ඉන්නෙ ඕයි..... මම ඔයාට කැමැත්ත දුන්න එකම මදිද ?"
" මම උඹෙ බෙල්ලට පිහියක් තියලා අකැමැති උනොත් මරනවාකිව්වෙ නෑ නෙ ධීර් ඉතින් ම්ම්ම්ම්හ්?"
" ඒව අදාළ නෑ හලො.... හැමෝටම පින නෑ මගෙ වෙන්න....මට මොනාහරි අරන් දියන්...."
"හ්ම්....මොනාද ඕන...? කන්න මොනාහරි?"
"ආශ්..... කන්න ? කන්න හදල දෙන්නම් කිව්වනෙ..? අනික මගෙ ආදරේ බාල්දු කරන්නෙපා අයියේ....ඔයාට මාව වටින්නෙ කෑම එකක් තරම්ද ?"
කැඩිච්ච වක්කඩේ වගේ ධීර් ඇස් කරකෝ කරකෝ වයින් වෙලා කතා කරද්දි මම හිනාව තද කරගන හිටියෙම හරි අමාරුවෙන් ....
ඩ්‍රාමා කින්ග් ඔෆ් මයි කින්ඩම්" ඕකේ....එනිතින්ග් යූ වෝන්ට් ? ...... ලෝඩ් !"
" අන්නෙහෙම එන්න අන්නෙහෙම...."
" මොනාද ඕන....?"
" කිස් එකක් ඕන"
එච්චරයි.....
මුට වගේ ආත්ම ශක්තියක් ඇයි මට නැත්තෙ ?
ඇයි ?
ඇයි ?
ඇයි?වටෙන් කියවිලි නෑ.....මොනාද ඕන ඇහුව ඉල්ලව්වා......
" මේ දැන්..? අපි පාරෙ නෙ ඉන්නෙ ධීර්..අනික මම ඩ්‍රයිව් කරන ගමන්...."
"හරි ඉතින් .... කෝ ඕක පැත්තට කල්ලා නවත්තන්නකෝ.... මගෙ හොඳ සූටික්ක නෙ..."
" ම්ම්....මොකක්.?"
"සූටික්ක බං ...."
" ඒක්කා ....... ඒ කුරුල්ලෙක් නේ...."
" මාතෘකාව වෙන පැත්තකට හරවන්නෙපා අයියේ...... ඔතන අයිනට කල්ලා නවත්තපන් කෝ..... "
බේරෙන්න බෑ......
අපි හිටියේ කැම්පස් ග්‍රවුන්ඩ් එක පහු කල්ලා චුට්ටක් ඈතට වෙන්න....මේ හරිය හෙන පාලුයි..... කැමැත්ත ඇහුවෙ මන් උනාට මට ධීරව් ගෙන් අතවරයක් වත් වෙයිද ? හත්තික්කෙ මොනාද මම මේ හිතන්නෙ ඊයා.... මම කාර් එක ඉතින් පාර අයිනෙන් ශේප් එකෙ නැවැත්තුවා... අධිල් ගේ ප්‍රථම හාදුව පුද කරන්නයි යන්නෙ අම්මේ.... මේ පවුකාරයාට සමාවෙන්න..... වැඩක් නෑ..... අයියෝ.....
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...