2 වන දිගහැරුම

484 30 19
                                    


" ඇඳගන පැලඳගන ආවට අද ධීරව් මල්ලි නෑ වගේ....."

" ඒකනෙ තිනෙතයා..... අටයි කාලත් වුනා.. වෙනදා උදේ ම ඇවිත් ඉඳගන්නවානෙ.."දේශ් කිව්වේ වටපිට බලන ගමන්....

" උඹල දෙන්නා කටවහන් ඉඳපල්ලකො..... වැඩක් බලාගන්නෙ නැතුව ආවා මෙතන අනුන්ගෙ සීනි කිරන්න..."

මම ත් එහෙම කිව්වෙ වටපිට බලන ගමන් ....

පහන්දුණු මල්ලි ඇවිත් ඉන්නවා දැක්කාට ධීර් නෑ...

මේකාට කරදරයක් වත් ද....

මොක දැනගන්නත් ඉන්ටවල් වෙනකම් ම ඉන්න වෙනවා...



" ඌ ආවෙ නෑ අයියේ... කොහෙදො යනවයි කිව්වා....මට කිව්වෙත් නෑ හරියට මොකෝ කේස් එක..." ඉන්ටවල් එක වෙලාවේ පහන්දුණු මල්ලි අපිත් එක්ක කිව්වේ ළඟ කනුවකට හේත්තුවක් දාගන්න ගමන්....

" ආ....නෑ නෑ බං ....නිකම්.......ඌ පේපරේ ලේසිම ටිකක් වරද්දලා..... පිස්සු පගෙක් නෙ .....හෙට පිසික්ස් ක්ලාස් එකෙ දි හම්බෙයි නෙ බං නේ.." තිනෙත් කිව්වෙ මායි අයියායි දිහාවෙත් බලන ගමන්....

" ඔව් හෙට එයි....ඌ ඔය ක්ලාස් එකක් කට් කලාමයි නෙ..."

" ඒකනේ බං....."

" මේ අයියලා දෙන්නා ව වැඩිය අඳුරන්නෙ නෑ නෙ මම ඉතින්....." පහන්දුණු කිව්වෙ ඔලුව කසාගන්න ගමන්....

" අයියො....මේ යෂ් මේ දේෂ්.....උඹ දන්නැද්ද..."

" දැනගත්තත් අයියේ වෙන වෙනම අඳුරගන්න පුලුවනෑ..... "

" ඒකනෙ මල්ලි.....කොහෙද මුන්දැලැ දෙන්නා පොටෝකොපි නෙ..."

මටයි අයියාටයි දෙන්නාටම කට කොනින් හිනාවක් ගියා.

" ඒ උනාට දේශ් , යශ් නම් අහලා ම නෑ නෙ ඉන්ස්ට්‍රක්ටර් අයියලාගෙ අතින්..."

" නෑ නෑ කට්ටිය කියන්නෙ ආරව් , අධිල් කියල නෙ..."

" ආ ඒකනෙ...."

මුන් දෙන්නගෙ කෝප්ප හේදිල්ල ඉවර වෙනකම් මම අයියා එක්ක ඒ දිහාවෙ බලන් උන්නා....

" මේ..මල්ලි ගාව ධීරව් මල්ලි ගෙ නම්බරේ තියේ නම් දියන්කෝ අපි වට්ස්ඇප් මැසේජ් එකක් දාලා මල්ලිට කියන්නම්....ඌ මේ පාර පේපරේ හොඳටම අනාන මල්ලි..." තෙනෙත් සීරියස් මූඩ් එක්කින් කිව්වේ......

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now