16 වන දිගහැරුම

233 10 3
                                    

ඇස් ඉස්සරහ තියන දඩාර වීදුරුවෙන් එළියේ පාරේ යන වාහන දිහා මම බලන් හිටියේ දැන් ගොඩක් වෙලා ඉඳන්.

රතු කාර් හතරයි ! ම්ම්ම්.. සී එච් ආර් ම ගියා සුදුවා විතරක් අටකට එහා... ආ බ්ලැක් බෙන්ස් එකක් ... ! තව .ම්ම්ම්...ඩීමො බට්ටො ගියා.. ආච්චිට හාල් ගරන්න නුවර මාතලේ බස් ම යන්නැති දහයකට එහා... ඇයි වීල්....බුදුසන්තෝ... හැටහුටාමාරක් වීල්... බලන් යද්දි ලංකාවේ වාහන වලින් වැඩි හරියක් ම තියෙන්නේ වීල් ද කොහෙද

" අයියේ.. " ( වටේ යන බස් නවත්තන්න අපෙ හිත් යකො ඩිපෝ ද )

ඒ අස්සෙ කලර් ලයිට්ස් ට්‍රැෆික් එකට සෙට් උන වාහන පෝළිම් අස්සෙ ස්කූටර් කාරයො අස්සෙන් අස්සෙන් දමනව..

" ඕයි අයියේ.." ( බොට පණදෙන්න මට බෑ කෙල්ලෙ ඕන්නං කාපං ගිහිං ත්‍රීපෝෂ )

ඒ අල්ලපනල්ලෙ මට පේනව යමහා fZ එහෙක නැගපු කපල් එකක් හරියටම මගෙ දර්ශන පථේ ඉස්සරහින් නවත්තනව..
ටහිකෙන්න ඇයි අරකි කොල්ලගෙ බෙල්ල උඩ නැගලා... යකො පස්ස ! පස්ස දික් කරන් ඉන්න කැත..! හැදියාව බිංදුවයි..අපෙ අම්මලා මේවා බලන්නද අපිව මල් වගෙ පරෙස්සම් කෙරුවේ

" ඕයි මිනිහො කන් ඇහෙංනැද්ද " ( කට්ට කාලා රජ උනෙ මං ආ දැං ඔයා බිසෝ ද )

............

" අයියේ...ඕයි " ( ගලේ චිත්‍රෙ අඳින්නෙ මං බොට මොන මගුල් පොටෝ ද )

මම ගැස්සුනේ මගෙ අතට වැදුණු සැර පාරකින්....

අහ්...මගෙ මිනිහා!

" මොකද බං ....ඇයි... "

" මොකද්ද අයියේ මේකේ තේරුම ..දැන් කීයෙ ඉඳන් ද.... ගෙදර යමුකො..රෙද්ද"

" බෑ බෑ තව ටිකක් ඉමු පොතේ හැටියට තව විනාඩි දහයකින් එන්නම ඕන... අරූ කොච්චර පරක්කු උනත් මට අපේකා ව ශුවර්"

" අම්මපා මට දැන් මේ ගෑනු වගෙ සී අයි ඩී වැඩ කල්ලා ඇති වෙලා අයියේ... අවුරුද්දට නිවාඩු හම්බුනේ නිවිහැනහිල්ලෙ ගෙදර ඉන්න කියල මම හිතන් උන්නෙ.."

" ටිකක් ඉන්නවා ධීර්....තව ටික්කින් උන් දෙන්නා එයි නෙ....උන් දෙන්නා විතරක් නෙමෙ..සමහර විට උන් දෙන්නගෙ තර්ඩ් වීල් එකත් ලොකූ ගෙ අල්ලසකට එන්න බැරි නෑ එහෙම උනොත් කපුකම් කරපු උනුත් එක්කම බඩු අතේ මාට්ටු"

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now