14 වන දිගහැරුම

242 14 9
                                    

" නැගිටපන් අයියේ......ඕයි..... "

"............."

" අයියේ මරදානෙ ඉන්නෙ ඕයි නැකිටපන්කො ..."

මගෙ කන අස්සෙ කවුරුහරි කූං කූං ගානවද මන්දා... ඒත්....

" හුක්....... ~   ධීරව් උඹෙ ආච්චි තාම ජීවතුන් අතරද?"මම නැගිට්ටෙ සේරම පැත්තට කල්ලා රණ්ඩු වෙන්න වාතාවරණයක් නැති ට්‍රේන් එක අස්සෙ... ඇයි යකො... නූල් කෑලි නහය අස්සෙ ගැහුවම ආච්චිව නෙමෙ හත්මුතු පරම්පරාව ම මතක් වෙනව නේ..

" ආච්චිට හාල් ගරන්න වෙලා නෑ චූටයියේ.... බලපන් ඇහැ ඇරල... ඉන්නෙ කොහෙද කියල...."

ටවුඩු....... මරදානෙ නේද ....

" බෑග් ටික අතට ගනින්.... " මම සාක්කුවෙන් ෆෝන් එක ඇදල අරන් වෙලාව බලන ගමන් ධීර් ට කිව්වේ දැනටමත් එයා අපි දෙන්න ගෙ ලගේජස් උඩ රැක් එකෙන් අදිද්දී ...

කොටුවෙන් බැහැලා බස් එකට නැගගත්තු ගමන් කෝල් කලේ අම්මට.

" අම්මේ.....අපි ආවා "

" පුතා ඔය දරුවා අපෙ ළමයෙක් නෙමෙ... ඒ නිසා පරෙස්සම් කරන්න " අයියෝ අම්මාත් මාර කතා නෙ කියන්නේ... මේ කුකුල් පැටියා ඉන්නෙ ලොකෙ ඉන්න හොඳම නරියා එක්ක....

" ආය බලන්න දේවල් නෑ අම්මා.. මූ කොළඹ ආවේ හුරතල් වෙන්න නෙමෙ නෙ.. රස්සාවක් කරන්න....අනික මට පාඩම් කරන්න තියනව අම්මා එහෙම බල බල ඉන්නෙ කොහොමද "

" ඒ දරුවට ඕව ඇහෙන්න කියන්නෙපා චූටි පුතා... කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා ඉන්න අහිංසක දරුවා.......පව්ව්.." අම්මා දන්නවනම් මුගෙ අහිංසක කම සිරිමත් ට දවස ගානෙ පහනක් පත්තු කරයි.....

" ම්ම්ම්....හරි හරි අම්මා.. අපි ටිකකින් බහිනවා.."

" ම්ම්ම් පරෙස්සමෙන් ඉන්න...අනෙ මන්දා නිවාඩු තිබ්බට මේ ළමයි ගෙදර ඉන්න එකක් යැ... අන්න උදේ ට කෑව ගමන අනිත් එක්කෙනත් අකුලන් යන්න ගියා මාවනැල්ලේ.."

" කවුද අපෙ ලොකූ?"

" ඔව් ඔව්.. එයයි තෙනෙත් පුතායි...තව අර පොඩි කොල්ලෙක් හිටියෙ... ඒ දරුවයි"

" ආ පහන් ද "

" ඔව් ඔව්... සරදියෙල් කන්ද ද මොකද්ද බලන්න යනව කිව්වෙ.. චූටි නැතුව ගෙදර ඉන්න බෑ කියල..."

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now