20 වන දිගහැරුම

171 10 6
                                    

" මගේ වම් වකුගඩ්ඩේ හිලක් .... අයියට මට වඩා හොඳ එක්කෙනෙක් හම්බෙයි ... මේ සම්බන්දෙ අපි නතර කරමු!!"

" ධීර්!!!"

" හරි හරි අයියේ මම දන්නව අයියා මට කොච්චර ආදරෙයි ද කියන්න..... අපි ඊළඟ ආත්මෙක අපේම වෙමු අයියේ...."

" තෝ ඊයෙ රෑ බිව්වද "

" ආ...දැන් තමුසෙ මං ගැන හිතාන ඉන්නෙ එහෙමද ඈ......."

" කියන්න බෑ නෙ ඔලිම්පික් වල ට තරගෙට බොන්න තිබ්බ නම් උඹ වර්ල්ඩ් රෙකෝඩ් තියනව "

" අනෙ මේ චූටි අයියෙ උඹ හිතුවද මම අන්තර්ජාතික මට්ටමේ බේබද්දෙක් කියල...?"

" පිස්සුද මගෙ ධීර් කොච්චර හොඳ ළමයෙක්ද."

" යන්තං තේරිලා අයියට සිරිමත් ගෙ පොත එහෙම හොයාගන්න බැරි උනොත් කියන්න....සිරිමත් හැදුනෙත් මන් දිහා බලාන "

" ආ... මට ආය හැදෙන්න දෙයක් නෑ පොඩි ඇටයො... " මට එයා හයියෙන් හිනා වෙනව ඇහුනා... හවස් වෙලා විඩියෝ කෝල් එකක් ගන්න ඕන .... මම එයාව දැන් දවස් ගාණකින් දැකලා නෑ.. එයා දවස් දෙකතුනකට නිවාඩුත් අරන් අප්පච්චි එක්ක ඉන්න කුරුණෑගල ගියා...ඊයේ පෝයට අපි කට්ටියම මාළිගාව වඳින්න ගියා අපි කට්ටිය කිව්වෙ ඉතින් මායි ලොකූයි අම්මයි අප්පච්චයි.... අපි හතරදෙනා සෑහෙන කාලෙකින් එහෙම එකට වෙලාව ගත කලේ... හුඟක් දුරට අද රෑ හරි හෙට රෑ හරි ධීර්ලා ගෙ රිසාල්ට්ස් අවුට් වෙන්න ඉඩ තියනවා ....

ඊයෙ කියන්න වෙලාවක් තිබ්බෙ නැති එකේ අද වත් ශේප් එකේ මේක අම්මට කියලා දාන්න හිතානමයි මම උදේන්ම නැගිට්ටේ අප්පච්චි පාන්දරින් ම කැකිරාවේ ගියා ලොකූ නම් දමාගන ක්ලාස් නෝට්ස් හදනවා මම කුස්සියට යත්දී අම්මා කුස්සියේ නෑ..

" අම්මා ..........අම්මා....."

" ඕ ....මම මෙහේ චූටි"

" කොහෙද..."

" වත්තේ..."

මම ගමන ඉක්මන් කරලා මිදුළට බහිද්දී අම්මා මල් පැල වලට සාත්තු කරනවා... අමො අමො අම්මගෙ ළමයි ටික !!!! මේ එක ඇන්තූරියම් මලකට හරි හීරිමක් වත් උනොත් අම්මා ට තරහ යනවා...මම කියන්නෙ ඇයි ඇන්තූරියම් වලට ඔච්චර ආසා ??? නෑ ඉතින් මේ ලෝකෙ කොච්චර සුවඳ ගහන මල් තියේද....බලන්නකො රෝස මල් පිච්ච මල්....හරි ඒවා අපෙ දිහා නැතුව නෙමෙ..ඒත් මේ ඇන්තූරියම් කියන්නෙ නම් විකාරයක්....අඩිය තියන තියන තැන පාට පාට වලින් ඇන්තූරියම්.....වැඩිහරියක් ම තියෙන්නේ හයිබ්‍රිඩ් කරපු අර චූටි ජාතියෙ එක....ඕව වෙනුවට රෝස මල් යායක් හදන්න තිබ්බ මන් නම් කියන්නෙ අම්මට....

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now