15 වන දිගහැරුම

241 14 6
                                    

" හෙලෝ.... ~" ඇදලා පැදලා කාන්තා ටෝක් එකක් දෙන ගමන් තෙනෙත් ෆෝන් එක ආන්සර් කරපු විදියට ධීර් පජාත හිනාවක් කට කොනින් දාගන මම දිහා බැලුවෙ " එව්ව්ව් උඹලෑ යාලුවො නම් "කියන්න වගේ.... මම උගෙ අප්පා නෙමෙ නෙ.. මම හැදුව එකා වගෙ..

" ආ අයියේ.....මොකො කරන්නේ.."

" ඉන්නව මල්ලි... අපි මාවනැල්ලෙ ආවනේ "

" ආ ඒකනෙ බං... උඹලා අපි දෙන්න කොළඹට එනකම් ඉඳල ශේප් එකෙ මාරු උනා නේද "

"අපො අපි එහෙම බලු වැඩ කරනවද මල්ලි උඹලට... උඹල නැතුව පාලු නිසා තමා අපි ආවෙත්"

" ආ හාහා හරි බං....ඒක නෙමෙ මොකො දැන් කට්ටිය කරන්නෙ "

" අපි දැන් මේ පහනගෙ බෝඩිමේ බං ..... අපි පොඩි වටයක් දාලා දැන් තමා ඇඟපත හොද්දගත්තෙ ..."

" ආ.. මේ පහන ගෙ ෆෝන් වැඩ නෑ අයියෙ..අනෙ ළඟපාතක ඉන්නවනම් දියන්කො ෆෝන් එක චුට්ටක් උට.." ධීර් ගානට බෝලෙ බැස්සුවා එහෙනම්...

"අනෙ බං ඌ වොශෲම් එකෙ නෙ....එළියට ආවම මම කියන්නම් උඹට ගන්නය කියල..."
තෙනෙතුත් ඇඟට පතට නොදැනි පච හලනවා... යකො දැන් ටිකකට කලින් අරූ ට ගත්තම කිව්වෙ උන් කන්ද නගින ගමන්‍ ය කියලා...?

" ආ හරි හරී...ආවම කියහන් අයියෙ හොඳේ..මම තියන්නම්.."

" හරි බං පරෙස්සමෙන් ඉඳහන් "

"  අයියලත් පරෙස්සමට ගිහින් එන්ජෝයි කල්ල එන්නකො.." ධීර් කිව්වෙ හිනාව හෙන අමාරුවෙන් තද කරගන..

කාටද බං තෙනෙත් ඔය බොරු කරන්නෙ !!!!

ධීර් ෆෝන් එක කට් කල්ලා ඒක එක පාරක් උඩ දාලා දකුණු අතෙන් අල්ලන් මගෙ උකුලට විසික්කපු පාර උකුල උඩට ෆෝන් එක වැටෙන්න කලින් මම ඒක කැච් කරගත්තා..

අරුන් මොකද්ද අර බස්සන බෝලේ...

" මම දන්නෙත් නෑ හැබැයි මම දන්නෙ එක දෙයයි තෙනෙත් අයියා ඔය ගමන ගිහින් නෑ.."

"ඒ කියන්නෙ ලොකුයි පහන් මල්ලි විතරයි?"

" ම්ම්ම්ම්හ්......ඔවූ..... කොහොමත් දැන් අපි දෙපැත්තටම කතාකරපු නිසා අනිවාරෙන් එයාල දැනගන්නව තව ටික්කින් අපිට මාට්ටු වෙලා ඉවරයි කියලා"

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now