9 වන දිගහැරුම.

293 17 9
                                    

ආදරේ කරන්න ගද්දි මිනිස්සු වෙනස් වෙනවා.....ඒක මට දැනුනෙ මගෙන් මම ධීරව් දකින හැම වතාවෙම මගෙ ඇස් කෙවෙනි රත්වෙනවා.... චුට්ටක් දාඩිය දානවා.... හරි අමුතුකිතියක් දැනෙනවා...

මම හිටියේ පුදුමාකාර තර එක්සයිට් වෙලා...

මගේ අවුරුදු ගාණක ආදරේ....

එයා!

" මනෝ පාරක් ගහනවා නේත.."

ඒ සද්දෙට මම ගැස්සුනා...

ඔව් ....ඒ එයා....

"ධීරව්...!"

" අයියේ.....ඔයා ටවුන් එකෙ කිව්ව නිසා මම ආවා ඉතින්...මමත් මේ උදේ ආව පාර...අප්පච්චි ලොකු නැන්දලා දිහා ගියා... දැන් තමා කුරුනෑගල බස් එකට නැග්ගෙව්වේ"

" ම්ම්ම්....මම කොහොමත් ඔයා ව මුණගැහෙන්න් හිටියේ ධීරව්.."

" හදිස්සියකට ද?"

" නෑ නිකම්....කාලෙකින් කතා කරන්න බැරිවුණා නෙ..ඔයා එක්සෑම් ඉවර නිසා ඉස්සරහට වෙන දේවල් ගැන කතා කරගන්න..... දැන් ඔයා මොකද්ද කරන්න හිතාගන ඉන්නේ....?"

" අයි ටී ඩිප්ලෝමා එකක් කරනවා... පාර්ට් ටයිම් ජොබ් එකක් එක්ක.... අපිට ඉක්මනට ගෙදරින් යන්න වෙනවා.... කොහොමත් අක්කාට ගේ දෙන්න හිටිය එකෙ...අප්පච්චි කිව්වා අපි වෙන දිහාවකට යමුයි කියලා"

" ම්ම්ම්.... අනෙ මන්දා ධීරව්..... උඹ ඒ මිනිස්සු එක්ක ප්‍රශ්න දාගන්නෙ නැතුව ඔහොම අයින් වෙන එක හොඳයි....නැත්තම් මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නෑ...."

" හ්ම්ම්.... ඇත්ත......දැන් අයින් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..... මට අක්කා එක්ක රණ්ඩු කරගන්න බෑ අක්කට දැන් වෙනම පවුලක් තියනවා..."

"ම්ම්ම්.....දුක් වෙන්නෙපා ධීරව්.....හැමදේම ඉක්මනටම හරියාවි...... "

" මමත් එහෙම විශ්වාස කරනවා"

මම ධීරව් ගෙ අත තද කරල අල්ලගත්තා... මට විශ්වාසයි......එයා ට ලස්සන කාලයක් එනවා...ඒක එහෙම වෙන්න ම ඕන.... ධීරව් ට වගේ මට ගෙදරින් කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ....මම , අයියා පුදුමාකාර තරම් සැපට හැදුනේ... ඒත් මම දෑහින් දැකලා තියනවා ධීරව් උදේ නැගිටලා කන්න කෑමත් උයාගන පන්ති එනවා.එයා වගකීම් වලින් පිරිලා.......

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now