17 වන දිගහැරුම

217 10 5
                                    

" ලෙංගතු හිත තනි කරලා ~
තරු නෙතු අද තරහ වෙලා....
වැටෙන ....හ් ....හුස්මක්... ග් .ගා~ නේ ඒ ඒ ~
ක් හ් ..කඳුළු ගණින්  න  ට ..... ඔබ...ම ....තමයී..ම් මටහ්.. ඕ නේ හ්~"

       හරි !

තෙනෙත් ට ඕක තමා කරගන්න ඕන වෙලා තිබ්බෙ..

       ප#*

මන් දැන් හෙන වෙලාවක් තිස්සෙ මූ එක්ක ඔට්ටු අල්ලන්නෙ....වෙන කිසි දේකට නෙමෙ මුව පල්ලැහැ තට්ටුවට ගෙන්නගත්තෙම බාගෙට කර උඩ තියාන... මම කියන්නෙ මූ විතරක් තනියම බිව්ව නෙමෙ නේ....මම ත් ඉන්නෙ බීල හැබැයි මට ඔහොම උනෙ නෑ අපෙ හාමුදුරුවනේ .......

මගෙ රූම් එකෙ තිබ්බ වොශෲම් එකට ධීර් ව තල්ලු කල්ලා මම එළියෙන් ලොක් කලා..ටවල් එකක් ඇතුළෙ කබඩ් එකෙ ඇති.... නාගන්න තරම් සිහියක් තිබ්බ නිසා මම යැව්වා නාගන එන්න මමත් ඌ එනකම් ඉන්නෙ නැතුව අම්මගෙයි අප්පච්චි ගෙයි රූම් එකෙ වොශෲම් එකෙන් නාගත්ත්තා...

     ධීර් ඉන්නෙ දුකෙන් ද සතුටෙන් ද හිතාගන්න බෑ මිනිහෙක් බිව්වම අමුතු චරිත එළියට එනවා ඒත් ධීර් බිව්වම ..... හරි ඒක අමුතු චරිතයක් තමයි....ඒත් මොකද්ද ඒ......මට හිතාගන්න බැහැ....ඇස් වලට ශවර් එකෙන් වදින වතුර වලින් බේරෙන්න ඇස් පියාන උන්නු මට එක එක දේවල් හිතෙන්න ගත්තා... උණු වතුරෙන් එන දුම මගෙ ඉස්සරහ තියන මිරර් එකට වැදිලා මාව පේන්නෙ නැති තරමට ම.. මම සබන් පෙණ වලින් අහම්බෙන් පිම්බුනු සබන් බෝලයක් පාවෙලා ගිහින් කන්නාඩියෙ වැදිලා බිඳෙනවා ඔහේ බලාන හිටියා.. අනික් මිනිස්සුන්ට නම් කොහොමද කියන්න දන්නෑ හැබැයි මට නම් උණු වතුරෙන් නෑවම මහන්සිය ඩබල් වෙනවා... තියන මහන්සිය මදිවට උණුවතුරෙනුත් නෑවා කියන්නෙ හොඳ ගණන්.. ඒත් දැන් රෑ එකොළහත් පහු වෙලා...මෙවේලෙට සීතල වතුරෙන් නෑවොත් පස්සෙන්ද උදේට මෝචරියෙ තමා ඉන්න වෙන්නෙ පීනසේ අල්ලලා...

නාගන ශෝට් බොටමට උඩින් හූඩියක් දාගන මම ආයම කාමරේට යද්දී ධීර් ඇඳේ ඉඳගන  ටවල් එකෙන් ඔලුව පිහදානවා...

" වෙරි හිඳුනද සද්ද නැත්තෙ "

"  වෙරි වෙන්න ඕනද අයියේ සිංදුවක් කියන්න තව්සෙ මාර කතා නෙ කියන්නෙ "

Until infinite  - අනන්තය තුරාවට...Where stories live. Discover now